*
Thursday, May 2, 2024
spot_img

Latest Posts

අයෙක් ටයිකෝට් – අනෙකා රෙද්ද බැනියම ඩලස් කියනා මේ අය කවුද?

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): කිසිදු ජනතා බලයක් නොමැති පාර්ලිමේන්තුව නියෝජනය නොකරන දෙදෙනෙක් මේ වනවිට රට අරාජිකත්වය කරා ගෙනයන බවත් ඉන් එක් අයෙක් ටයිකෝට් දමන මුත් අනෙක් කෙනා රෙද්ද බැනියම අඳින බවත් නිදහස් ජනතා සභාවේ  නායක ඩලස් අලහප්පෙරුම මහතා සදහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා….

එක් අයෙක් කොන්ඩය ඩයි කරන කෙනෙක්   අනෙකාගේ කොන්ඩය සුදු පැහැතියි. එක්නෙක් නෙළුම් පොකුණට පැන  හොරෙන් මල් විකුණමින් සිටින බවත් අනෙකා පොකුණ විනාශකරමින් නෙළුම් අල කාදමන පණුවෙකු වී  තිබෙනවා.

මේ  රැස්වීමේදීත්  රටේ හැම තැනකම දීත් කතාවෙන මහා පොදු සාධකයක් තියෙනවා .ඒ තමයි රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ මේ ආණ්ඩුව මහජන අයිතිය කෙළසා තිබෙන බව ,ජාතික සම්පත් පිට රටුන්ට  විකුණන්ට හදනවා , අද දරුවකුට පාසල් යන්න පොත් බෑගයක් ගන්න විදිහක් නෑ. අතේ සල්ලි නැහැ . පවුලකට හරියට තුන්වේල කන්න විදිහක් නැහැ ,

විදුලි බිල ගෙවා ගන්න විදිහක් නැහැ , බේත් ටිකක් ගන්න විදිහක් නැහැ . රෝහල්වල ශල්‍යකර්ම නැවතිලා උපකරණ හිඟය
රට අරාජික වෙලා ,මිය යන්නට ලං වුනු අපේ රට මෙම ගැටලු වලින්  ගලවා ගත යුතුයි . මේකට විසඳුම් සොයා ගත යුතුයි . රටට මේ ඉරණම අත් වන්නට හේතුව තමයි ජනවරමක් නැති දෙන්නෙක් එකතු වෙලා මේ  රටට කරන දේ  .

පසුගිය මහ මැතිවරණයේදී පොහොට්ටුව ඡන්ද ලක්ෂ හැට අටක් ගත්තා.සමගි ජන බලවේගය ඡන්ද ලක්ෂ විසි හතක් පමණ ගත්තා, දැන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මයා මුළු රටෙන්ම ගත්තෙ ඡන්දේ ඡන්ද ලක්ෂ 2 කට ඉතාම සුලු වැඩි ප්‍රමාණයක් , එතුමා ගත්තේ ඡන්ද 25,000 වගේ ආසන්න ප්‍රමාණයක් .මේ රටේ ජනාධිපති  බවට පත් වෙන්නෙ, මැතිවරණයේ ප්‍රකාශිත ඡන්ද වලින්  ඡන්ද 50% යි තව එකක් හෝ ලබාගත යුතුව පවතිනවා
රනිල් වික්‍රමසිංහගේ පක්ෂය අරන් තියෙන්නේ එදා  ඡන්ද වලින් සියයට දෙකයි.

එතකොට කොහොමද මේ ජනාධිපතිවරයාට ජනමතයක් තියෙන්නෙ. ඔහු ජන මතයෙන් බිහිවුණු ජනාධිපතිවරයෙක් නෙවෙයි. ආර්ථික අවපාතයට සහ දේශපාලන අරාජිකත්වයට දාව ඉපදුන ජනාධිපතිවරයෙක් මේ ඉන්නේ .
ඉතින් ඔහු කොහොමද වගකීමක් දරන්නේ .
එනිසාම ඔහු ජනතාවට සංවේදී නැහැ .

අද ඔබ අප මේ රටේ ඉන්න පුරවැසියන් විදිහට නෙවෙයි යටත්වැසියන් විදිහට .යටත්වැසියන් කියන්නේ වහල්ලු, වහලු විදිහට. අද මේ රටේ ජනතාව මිලියන විසි දෙකක් වහලුන් බවට පත්වෙලා .එනිසා අපි යටත් වැසියෝ වෙනවද මේ රාජ්‍යයේ පුරවැසියන් වෙනවද කියන තීන්දුව අප විසින්ම ලබා ගත යුතු වෙනවා.

රටේ අනාගතය වෙනුවෙන් අද මේ සම්මේලනයේදී අපි දේශපාලන යෝජනාවක් ඉදිරිපත් කළා . ඒ තමයි අද මේ රටේ සියලු විපක්ෂ ප්‍රජාතන්ත්‍රික බලවේග එක කොඩියක් යටතට පැමිණ එකට එක්ව ජනතාව වෙනුවෙන් කටයුතු කළ යුතු යන වග. අපි අතර ගැටලු ඇති,නිකාය භේද ඇති ,
සමගි ජන බලවේගය ,
ජාතික ජන බලවේගය
අපි නිදහස ජනතා සභාව
හෙළ උරුමය ,
උත්තර සභාවේ
මේ මොනව උනත් තනි තනියෙන් උප්පැන්න දුන්නොත් සුජාත භාවයක් ඇති වෙන්නේ නැහැ
අපි එක්වූයේ නැත්තං රටට අනාගතයකුත් මේ රටේ ජනතාවට අනාගතයකුත් නෑහැ.
මේක ගන්න බැරි තීන්දුවක් නෙවෙයි .

හොඳම උදාහරණය ඉන්දියාව , ඉන්දියාවේ ලබන මැයි මාසයේ මැතිවරණය පැවැත්වෙනවා
ඉන්දීය අගමැති මෝදි මැතිතුමාගේ පක්ෂය භාරතීය ජනතා පක්ෂය. එහෙම තියෙද්දි විපක්ෂය සීසීකඩ වෙලා තිබුනේඅද විපක්ෂයේ පක්ෂ 28ක් එකට එක පෙළට හිටගෙන මෝදිට විරුද්ධව. ගාන්ධිගෙ පක්ෂයේ ඉඳලා දැවැන්ත පක්ෂ 28ක් .පුද්ගලයෙක් මුල්කරගෙන නෙවෙයි .ඒක තමයි විශේෂ ලක්ෂණය. වැඩපිළිවෙළක් මුල් කරගෙන තමයි මේ පක්ෂ 28 ම එකට එකතු වෙලා තියෙන්නෙ .

ඉන්දියාව සජීවී උදාහරනයක් අපිට

අද මැතිවරණ නවත්තලා
මාධ්‍ය වලට විලංගු දාලා
විනිසුරුවන් පාර්ලිමේන්තුවට කැඳවන්න උත්සාහ කරලා
මැතිවරණ කොමිසමේ කොමසාරිස්වරුන්ට නොයෙක විධ තර්ජන බලපෑම් කරන තත්ත්වයක් තමයි රටට උදා කරලා තිබුණේ , නීතියේ ආධිපත්‍යය ඉවර කරලා ,ඒකාධිපති පාලනයක් ඇති කරලා.අපි මේ ආණ්ඩුවෙන් එළියට ආවේ අපේ ඊළඟ පරපුර,පාර්ලිමේන්තුවට පළාත් සභාවට ගේන්න නෙවෙයි . අපි එළියට ආවේ වංචාවට විරුද්ධවහොරකමට විරුද්ධව , දූෂණයට විරුද්ධව
මාතර ජනතාව ඉතිහාසය තුළ  දූෂණයට වංචාවට විරුද්ධව  එකව සටන් කළා. අපි වර්තමානයේ ඒ සටන ක්‍රියාත්මක කරන්න අවශ්‍ය යි

අපේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන්
ඒ හොරකමින් තොර චෞරයන් ගෙන් තොර රටක් දරුවන්ට හදන්න යි. ඒ  වෙනුවෙන්  මේ විපක්ෂයේ පොදු පාලම අපි හදනවා.අපිට මේකෙ සමරුඵලකයේ නම දාගන්න ඕනෑ නැහැ. කලින් එගොඩ වෙන්නේ කවුද කියන එක අපිට ප්‍රශ්නයක් නැහැ .

පීත්ත පටිය කපන්නේ කවුද කියන එක අපිට අදාල නෑ. අපිට ඕන රට වෙනුවෙන් මේ පාලම හදලා ඔක්කොම එකට එතෙර වෙන්න.ඒක කරන්න පුළුවන් කියලා අපිට විශ්වාසයක් තියෙනවා. නියත වශයෙන්ම අපි එක කරන බව ප්‍රකාශ කරන්න කැමතියි “

යනුවෙන් අදහස් දැක්වීය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan