*
Friday, September 20, 2024
spot_img

Latest Posts

අද ජනතාවගේ ජිවන බර ගැන කථා කරන අය ආර්ථික අර්බුදය හමුවේ කළ දෙයක් නෑ – ජනපති

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 12, කොළඹ (LNW):

තමා ලෝක නායකයන්ට කථා කර පොහොර සහනාධාර ලබා ගැනීමට කටයුතු කිරීම නිසා ගොවියා නැවත ගොවි බිමට යවා රටේ වී නිෂ්පාදනය ඉහළ නංවා ගැනීමට හැකි වූ බවද ජනාධිපතිවරයා සිහිපත් කළේය.

අද ජනතාවගේ ජිවන බර ගැන කථා කරන අය පසුගිය ආර්ථික අර්බුදය හමුවේ ජනතාවගේ ජීවන බර අඩු කිරීමට කිසිඳු සහායක් ලබා නොදුන් බවද ජනාධිපතිවරයා පැවසුවේය.

පොහොර මිල අඩු කරන බවට සහ ගොවි ණය කපා හරින බවට අද ප්‍රකාශ කරන සජිත් හා අනුර එදා මේ රටේ ගොවි ජනතාව පොහොර නැතිව දුක් විඳින විට සිටියේ කොහොදැයි තමා ප්‍රශ්න කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කීය.

ජනතාව අසීරුතාවට පත් වූ අවස්ථාවේ පැන ගිය අය අද තම අනාගතය වෙනුවෙන් බලය ඉල්ලන බව පැවසූ ජනාධිපතිවරයා තමා මෙවර ජනාධිපතිවරණයේදී ජන වරම ඉල්ලා සිටින්නේ රටේ අනාගතය වෙනුවෙන් ආරම්භ කළ වැඩසටහන ඉදිරියට ගෙන යාමට බවද සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (11) පස්වරුවේ කල්මුණේ, සයින්දමරදු ෆවුසි ක්‍රීඩාංගණයේ පැවති “රනිල්ට පුළුවන්” විජයග්‍රාහී ජන රැලිය අමතමිනි.

එළැඹෙන ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් සංවිධානය කර තිබූ මෙම ජන රැලියට අතිවිශාල ජනතාවක් එක්ව සිටි අතර, ජන රැලිය ඇමතු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ මෙරට මුස්ලිම් ජනතාවගේ ප්‍රධාන ආදායම් මාර්ග වූ වෙළෙඳාම සහ ගොවිතැන නැති වුවහොත් එම ජනතාවට දුෂ්කරතාවලට මුහුණ දීමට සිදුවන බවයි.

එබැවින් මෙරට වෙළඳාම සහ ගොවිතැන ශක්තිමත් කළ හැක්කේ කාටදැයි මුස්ලිම් කොංග්‍රසයෙන් විමසන ලෙස ජනතාවට පැවසූ ජනාධිපතිවරයා තමා ජනතාව ඉදිරියට පැමිණ ඇත්තේ සැලසුම් සමඟ බවද කියා සිටි අතර, තමා කිසිවිටෙකත් ජනවාර්ගික ප්‍රශ්නය සහ ආගමික ප්‍රශ්නය පදනම් කර ගනිමින් මැතිවරණ නොකරන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා මුස්ලිම් ජනතාවගේ භූමදානය පිළිබඳ අයිතිය නීතියෙන්ම ලබා දෙන බවත්, අනෙක් නායකයන් මැතිවරණ වේදිකාවල පොරාන්දු දෙන විට තමා ජනතාව ඉදිරියට පැමිණෙන්නේ පොරොන්දු ඉටු කර බවද සඳහන් කළේය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan