බ්‍රසීලයේ හිටපු ජනපති බොල්සොනාරෝට වසර 27ක සිරදඬුවමක්

Date:

සටහන: සශිකලා මධුෂාණි

සැප්තැම්බර් මස 12: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හමුදා කුමන්ත්‍රණයක් සැලසුම් කිරීමේ චෝදනාවට වරදකරු වූ බ්‍රසීලයේ හිටපු ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝට වසර 27ක් සහ මාස තුනක සිර දඬුවමක් නියම කර ඇති බව වාර්තා වේ.

2022 මැතිවරණයෙදී ඔහුගේ වාමාංශික ප්‍රතිවාදියා වූ ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වාට පරාජය වීමෙන් පසු ඔහු බලය රඳවා ගැනීම අරමුණු කරගත් කුමන්ත්‍රණයකට නායකත්වය දීම සම්බන්ධයෙන් චෝදනා පහකට වැරදිකරු කර පැය කිහිපයකට පසු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් පස් දෙනෙකුගෙන් යුත් මණ්ඩලයේ බහුතර එකඟතාව මත මෙම දඬුවම නියම කර ඇත.

70 හැවිරිදි බොල්සොනාරෝගේ නීතිඥයින් ඔහුගේ දඬුවම් කාලය අඩු කර ගැනීමට හා සිරගෙට යැවීම වෙනුවට නිවාස අඩස්සියේ තබා ගත යුතු බවට අභියාචනයක් ඉදිරිපත් කිරීමට සුදානම් වන බව වාර්තා වන නමුත් නීති විශේෂඥයින් පවසා ඇත්තේ මෙය දුෂ්කර විය හැකි බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇමරිකාවට ඇඟිල්ල ගහන්න ඉඩක් හදන ඉන්දියාව,පකිස්තානය සහ බංගලාදේශය

නිශ්මං රණසිංහ පෙබරවාරි 02, කොළඹ LNW: ඉන්දියාව,පකිස්තානය සහ බංගලාදේශය සමීපව...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 6වන වෙළුම හෑගොඩ පුදුම මිනිසෙකි අප රටෙහි දිනූඔහුගේ...

GMOA අද සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ග දැඩි කරයි. වෘත්තීය ක්‍රියාමාර්ගවලට විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහයක් නැහැ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අඛණ්ඩ වෘත්තිය...

ශ්‍රී ලංකාවෙන් මතු වූයේ පරාජයට හේතු නොව එංගලන්තයේ ජයග්‍රහණයට හේතුයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 02, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ එංගලන්තය...