බ්‍රසීලයේ හිටපු ජනපති බොල්සොනාරෝට වසර 27ක සිරදඬුවමක්

Date:

සටහන: සශිකලා මධුෂාණි

සැප්තැම්බර් මස 12: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හමුදා කුමන්ත්‍රණයක් සැලසුම් කිරීමේ චෝදනාවට වරදකරු වූ බ්‍රසීලයේ හිටපු ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝට වසර 27ක් සහ මාස තුනක සිර දඬුවමක් නියම කර ඇති බව වාර්තා වේ.

2022 මැතිවරණයෙදී ඔහුගේ වාමාංශික ප්‍රතිවාදියා වූ ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වාට පරාජය වීමෙන් පසු ඔහු බලය රඳවා ගැනීම අරමුණු කරගත් කුමන්ත්‍රණයකට නායකත්වය දීම සම්බන්ධයෙන් චෝදනා පහකට වැරදිකරු කර පැය කිහිපයකට පසු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් පස් දෙනෙකුගෙන් යුත් මණ්ඩලයේ බහුතර එකඟතාව මත මෙම දඬුවම නියම කර ඇත.

70 හැවිරිදි බොල්සොනාරෝගේ නීතිඥයින් ඔහුගේ දඬුවම් කාලය අඩු කර ගැනීමට හා සිරගෙට යැවීම වෙනුවට නිවාස අඩස්සියේ තබා ගත යුතු බවට අභියාචනයක් ඉදිරිපත් කිරීමට සුදානම් වන බව වාර්තා වන නමුත් නීති විශේෂඥයින් පවසා ඇත්තේ මෙය දුෂ්කර විය හැකි බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එළැඹෙන 2026 වර්ෂයට අදාළ විසර්ජන පනත් කෙටුම්පත දෙවනිවර කියවීම නොවැ. 07 දා!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 12 ,කොළඹ LNW : එළැඹෙන 2026 වර්ෂයට...

“රුසිරු විය හද බිම්- පිරෙනු නැත- ඔබේ හිස්තැන- මාලිනී“

සටහන - බන්දුල නානායක්කාරවසම් සැප්තැම්බර් 12, කොළඹ (LNW): මාලිනී අක්ක ට...

රු,10,000ක් නිසා කොස්තාපල් කරගත්ත හරිය!

කොළඹ LNW: රු.10,000ක මුදලක් අල්ලසක් ලෙස ලබාගත් පොලිස් කොස්තාපල්වරයෙක්...