රටේ ආර්ථිකය ස්ථාවරයි. දැන් තියෙන්නේ කළමනාකරණය!

Date:

කොළඹ LNW: ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට පහළොවක ප්‍රතිශතයක් කරා ළගා වෙමින් පවතින බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පශ්චාත් උපාධි අධ්‍යන අංශයේ අධ්‍යක්ෂ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පැවසීය.

මෙරට රාජ්‍ය මූල්‍ය ක්‍රියාකාරීත්වය පිළිබඳව ලෝක බැංකුව ඉරිපත් කොට ඇති දත්ත අනුව ශ්‍රී ලංකා ආර්ථිකය යම් ස්ථාවර තත්ත්වයක් කරා පත් වී ඇතැයි ද ඒ මහතා සඳහන් කළේය.

2022 වසරේදී පැවැති ආර්ථික තත්ත්වයට වඩා 2024 වන විට ප්‍රශස්ථ මට්ටමක් කරා මෙරට ආර්ථිකය පත්වී ඇතැයි ඔහු පැවසුවේය. මෙරට ආර්ථීකය ස්ථාවර වී තිබෙන අතර එය තව දුරටත් කළමණාකරණය කර ගත යුතු ආකාරය සම්බන්ධයෙන් ලෝක බැංකුව විසින් නිර්ණායක ඉදිරිපත් කොට ඇති බවත් එය රාජ්‍ය ආදායම් හා වියදම් අංශවලින් පැහැදිලි කොට ඇතැයි ද මහාචාර්යවරයා කීවේය.

ඒ අනුව රාජ්‍ය බදු ආදායමින් 75%ක් පමණ වන වක්‍ර බදු ප්‍රතිශතය ඉදිරියේදී අඩු කොට ඒ වෙනුවට දිගු කාලීනව සෘජු බදු කරා යොමු විය යුතු යැයි ද ඒ මහතා සඳහන් කළේය. බදු පදනම පුළුල් කිරීම, බදු කළමණාකරණය සහ බදු අය කිරීම ඩිජිටල්කරණය කිරීම සිදුවිය යුතු බවත් ඊට ප්‍රථමයෙන් බදු ගෙවීම සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කිරීම අතිශය වැදගත් යැයි ද ඒ මහතා කීවේය.

රාජ්‍ය වියදම් කළමණාකරණය ප්‍රශස්ථ මට්ටමක් කරා යොමු වී ඇති නමුත් වැටුප් සදහා දරන වියදම ඉහළ බැවින් අතිරික්ත රාජ්‍ය සේවක පිරිස් කළමණාකරණය සම්බන්ධයෙන් ද අවදානය යොමු විය යුතු යැයි හෙතෙම පෙන්වා දෙන ලදී.

මේ අතර රාජ්‍ය ආයෝජන ඉහළ නැංවීම සහ සහනධාර සඳහා විශාල මුදලක් වැය වන බැවින් සැබෑ සහනාධාරලාභීන් තෝරා ගැනීම සම්බන්ධයෙන් තවදුරටත් අවදානය යොමු විය යුතු යැයි ද මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා ප්‍රකාශ කළේය.

නදීක දයා බණ්ඩාර – මහනුවර

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/3D3OJCqM0NQ සටහන – පුලී පෙබරවාරි...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...