හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති අතර විශේෂ හමුවක්!

Date:

viii වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong(චී චෙන් හොං)මහතා අතර විශේෂ හමුවක් කොළඹ මල් පාරේ පිහිටි දේශපාලන කාර්යාලයේදී අද(12) උදෑසන සිදු කෙරිණි. ඒ චීන තානාපතිවරයා කරන ලද ඉල්ලීමකට අනුවයි.


මෙහිදී ශ්‍රී ලංකාවේ සහ ජාත්‍යන්තර මට්ටමේ දේශපාලන තත්ත්වය පිළිබඳව හිටපු ජනාධිපතිවරයා සහ චීන තානාපතිවරයා අතර සාකච්ඡාවේදී අවධානය යොමු වූ බවද වාර්තා වේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කොළඹ නිවසින් පිටත්ව යාමට ප්‍රථම ද චීන තානාපතිවරයා සමග මේ ආකාරයේ සාකච්ඡාවක් පැවැත්වූ අතර, තවත් ඉහළ මට්ටමේ හිටපු ප්‍රබල දේශපාලනඥයකු සමඟද චීන තානාපතිවරයා ඉදිරියේදී හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබෙන බව ආරංචි මාර්ග සඳහන් කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/3D3OJCqM0NQ සටහන – පුලී පෙබරවාරි...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...