හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති අතර විශේෂ හමුවක්!

Date:

viii වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong(චී චෙන් හොං)මහතා අතර විශේෂ හමුවක් කොළඹ මල් පාරේ පිහිටි දේශපාලන කාර්යාලයේදී අද(12) උදෑසන සිදු කෙරිණි. ඒ චීන තානාපතිවරයා කරන ලද ඉල්ලීමකට අනුවයි.


මෙහිදී ශ්‍රී ලංකාවේ සහ ජාත්‍යන්තර මට්ටමේ දේශපාලන තත්ත්වය පිළිබඳව හිටපු ජනාධිපතිවරයා සහ චීන තානාපතිවරයා අතර සාකච්ඡාවේදී අවධානය යොමු වූ බවද වාර්තා වේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කොළඹ නිවසින් පිටත්ව යාමට ප්‍රථම ද චීන තානාපතිවරයා සමග මේ ආකාරයේ සාකච්ඡාවක් පැවැත්වූ අතර, තවත් ඉහළ මට්ටමේ හිටපු ප්‍රබල දේශපාලනඥයකු සමඟද චීන තානාපතිවරයා ඉදිරියේදී හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබෙන බව ආරංචි මාර්ග සඳහන් කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආණ්ඩුවේ තර්ජනවලට අපි සැලෙන්නේ නැහැ – එදිරිමාන්න

කොළඹ LNW: ආණ්ඩුව ගෙන යන දේශපාලන තර්ජනය හමුවේ තමන්...

මහනුවර බහුවිධි මාදිලි ප්‍රවාහන පර්යන්තයේ ඉදිකිරීම්වල සීඝ්‍ර වර්ධනයක්!

කොළඹ LNW: මහනුවර නගරයේ පොදු ප්‍රවාහන සේවාවන් සියල්ල ඒකාබද්ධ...

ICCPR නිසා අමාරුවේ වැටුණු ගම්මන්පිලට ලැබුණු තීන්දුව!

කොළඹ LNW: හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මෙම අවස්ථාවේදී අත්අඩංගුවට...