රතන හිමි ඇප මත නිදහස් වෙද්දී ශෂීන්ද්‍ර තවදුරටත් රිමාන්ඩ්!

Date:

කොළඹ LNW:රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පූජ්‍ය අතුරලියේ රතන හිමි රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් සහ රුපියල් දහ දහසක මුදල් ඇපයක් මත ඇපමත මුදා හැරීමට නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය අද (12) නියෝග කර තිබේ.

2020 මහ මැතිවරණයෙන් අපේ ජන බල පක්ෂයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය ලබාගැනීම සඳහා එම පක්ෂයේ මහ ලේකම් පුජ්‍ය වේදනිගම විමලතිස්ස හිමියන් පැහැරගෙන ගොස් තර්ජනය කිරීම සම්බන්ධයෙන් රතන හිමියන්ට එරෙහිව චෝදනා එල්ල විය.

මේ අතර හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ලබන 19 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (12) නියෝග කළේය.

මහවැලි ඉඩමක ඉදිකර තිබූ සිය දේශපාලන කාර්යාලය අරගලකරුවන් විසින් ගිනිතබා විනාශ කිරීම හේතුවෙන් නීතියට පටහැනි ලෙස රුපියල් 8,850,000ක මුදලක් වන්දි වශයෙන් ලබාගැනීම තුළින් දූෂණ විරෝධී පනත යටතේ “දූෂණය” නමැති වරද සිදුකළ බවට චෝදනා කරමින් හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහින්දගේ ආරක්ෂක නෙවිල් ඇප මත නිදහස්!

කොළඹ LNW:හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක නෙවිල් වන්නිආරච්චි...

කර්මාන්ත අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් රූපලාවණ්‍ය නිෂ්පාදන පරීක්ෂණ රසායනාගාරයක්!

කොළඹ LNW:කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය, අපනයන සංවර්ධන මණ්ඩලය...

මැලේසියා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමඟ තරග පහක්

නිශ්මං රණසිංහ  ඔක්තෝබර් 31,  කොළඹ LNW: ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට අයත්...