මහනුවර බහුවිධි මාදිලි ප්‍රවාහන පර්යන්තයේ ඉදිකිරීම්වල සීඝ්‍ර වර්ධනයක්!

Date:

කොළඹ LNW: මහනුවර නගරයේ පොදු ප්‍රවාහන සේවාවන් සියල්ල ඒකාබද්ධ කෙරෙන බහුවිධි මාදිලි ප්‍රවාහන පර්යන්තය මේ වන විට එහි සමස්ථ ඉදිකිරීම්වලින් 35%ක වර්ධනයක් පෙන්නුම් කර තිබේ.

ඩොලර් මිලියන 69.6ක ණය ආධර මත මහනුවර ගුඩ්ෂෙඩ් බස් නැවතුම් අංගණයේ ඉදිකිරීම් සිදුවන එම පර්යන්තය සිව් මහල් ගොඩනැගිල්ලක් කේන්ද්‍ර කොට ක්‍රියාත්මකය. මේ වන විට බිම් මහලේ ඉදිකිරීම් සිදුවන අතර එහි භෞතික ප්‍රගතිය විමසා බැලීමේ සාකච්ඡාවක් හා ක්ෂේත්‍ර නිරීක්ෂණයක් පසුගියදා සිදු කෙරණි.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්.බී.එස්.අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් එම පර්යන්ත කාර්යාලයේදී සාකච්ඡාව පැවැති අතර දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩම් ඉදිකිරීම් සඳහා යොදා ගැනීම සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා කෙරණි.

නව ප්‍රවාහන පර්යන්තයේ බිම් මහළ හා පළමු මහල බස් රථ ප්‍රවේශවන ස්ථානයකින් යුක්ත වන අතර එම මහල්වල සිට පොදු ප්‍රවාහන සේවාවන් ක්‍රියාත්මක වේ. තෙවන මහල මගී රැදවුම් පරිශ්‍ර, සේවා ස්ථාන හා සාප්පු සංකීර්ණවලින් සමන්විතය. ඉහළ මහලේ සිට මහනුවර දුම්රිය පොල සහ මහනුවර රෝගල කරා ගමන් කළ හැකි ගුවන් පාලම්වලින් යුක්ත වන අතර එම පාලම් මහනුවර විලියම් ගොපල්ලව මාවතට ද සම්බන්ධ වේ.

දුම්රිය දෙපාර්තමේන්තුව සතු හෙක්ටයාර් 1.9ක භූමි ප්‍රමාණයක් ව්‍යාපෘතියට සම්බන්ධ වන අතර එම දෙපාර්තමේන්තුවට අහිමිවන දුම්රිය නිවාස වෙනුවෙන් මහල් හතකින් සමන්විත දුම්රිය නේවාසික ඒකකයක් ඉදිකිරීම ද සිදුවේ.

වසර තුනක ව්‍යාපෘතියක් වන එහි ඉදිකිරීම් 2027 මාර්තු මාසයේදී නිම වන බව ව්‍යාපෘතිභාර අධ්‍යක්ෂ මංචුල රත්නායක මහතා එහිදී සඳහන් කළේය.

මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා ඇතුලු නිලධාරීන් රැසක් මෙම ක්ෂේත්‍ර නිරීක්ෂණය සඳහා සහභාගීවූහ.

නදීක දයා බණ්ඩාර – මහනුවර

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගුරු වික්‍රමසිංහ නෘත්‍ය සම්රාට් මහෝත්සවය!

කොළඹ LNW: ගුරු වික්‍රමසිංහ නෘත්‍ය සම්රාට් මහෝත්සවය එළඹෙන 14...

Kandy Breeze Night Fest හෙට(13) සිට නව මුහුණුවරකින්….

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 12, කොළඹ LNW : මහනුවර නගරය වෙත...

ඉන්දුනීසියාවේ ගංවතුර බැස යද්දී, අතුරුදහන් වූවන් සොයා තවදුරටත් මෙහෙයුම්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මෙම සතිය මුලදී...

රමිත රඹුක්වැල්ලට එරෙහිව අල්ලස් කොමිසම කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කරයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 12, කොළඹ LNW : හිටපු අමාත්‍ය කෙහෙලිය...