කැබිනට් ඇමතිවරුන් පත්කිරීම දින නියමයක් නොමැතිවම කල්යයි !

Date:

නව කැබිනට් අමාත්‍යවරුන් පත්කිරීම දින නියමයක් නොමැතිවම කල්යන තත්වයක් උද්ගත වී ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

පසුගිය සතියේදී රාජ්‍ය අමාත්‍යවරුන් 37 දෙනෙකු පත් කෙරුණු නමුත් කැබිනට් අමාත්‍යවරුන් පත්කිරීම සම්බන්ධයෙන් ඒ වනවිටත් අවසන් එකඟතාවක් ඇතිවී තිබුණේ නැත.

මේ සති අන්තයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එංගලන්තය බලා යාමට නියමිත ය. ඒ, දෙවැනි එලිසබෙත් රැජිනගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වීම සඳහා ය. එයින් අනතුරුව ඒ මහතා ඊට පෙර සිටම යොදාගත් ජපාන සංචාරය සඳහා පිටව යා යුතුව තිබේ. ඊට අමතරව 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත කරගැනීම සඳහා අවශ්‍ය කටයුතු ද මේ අතරම සිදු කළ යුතුව ඇත.

මේ සියල්ලම නිසා නව කැබිනට් අමාත්‍යවරුන් පත්කිරීම දින නියමයක් නොමැතිවම කල්යන ලකුණු පහළ වී ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගාමිණී අතුකෝරළ හිටියා නම් එජාපයට මෙහෙම වෙයිද ?

එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායකවරයකු සහ හිටපු මහලේකම්වරයකු...

චීනය ලෝකයට තවදුරටත් විවෘත වීමට සූදානම් – චීන ජනපති!

කොළඹ LNW:2026 නව වසර උදා වීම නිමිත්තෙන් චීන ජනාධිපති...

‘Rebuilding Sri Lanka’ ජනාධිපති කාර්ය සාධක බලකාය පත්කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල 'දිට්වා' සුළි කුණාටුවෙන් පසු ආපදා ප්‍රතිසාධනය,...