ශ්‍රීලනිප මධ්‍යම කාරක සභා රැස්වීම උණුසුම්. මෛත්‍රීට එළිපිටම විරෝධය !

Date:

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමක් පක්ෂ නායක මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ඊයේ (11) පැවැත්වුණා.

දයාසිරි ජයසේකරව පක්ෂ මහලේකම් තනතුරෙන් අයින් කළාට පස්සේ ඊයේ තමයි පළමු වතාවට ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව රැස්වුණේ.

මේ රැස්වීමට ආරාධනා කරලා තිබුණේ දයාසිරිට විරුද්ධ කණ්ඩායමට විතරයි කියලා එතනදීම චෝදනාවක් එල්ල වෙලා.

හිටපු පළාත් සභා ඇමති ගාමිණී තිලකසිරිගේ නමත් අන්තිම මොහොතේ නම් ලැයිස්තුවෙන් කපලා තිබිලා. එයා කෙළින්ම පක්ෂ නායක මෛත්‍රීපාල සිරිසේන ළඟට ගිහින් බොහොම ආවේගශීලීව කතා කරලා. “මෙහෙම පුළුවන්ද සර් පක්ෂ ගෙනියන්න ?” කියලා ගාමිණී තිලකසිරි පක්ෂ නායක මෛත්‍රීගේ මූණටම කියලා. ඒ වෙලාවේ මෛත්‍රීට හිතවත් කට්ටිය ඇවිත් තිලකසිරිව වටකරගෙන.

කොහොම වුණත් අන්තිමේ මෛත්‍රී ගාමිණී තිලකසිරිවත් රැස්වීමට එක්කරගෙන ගියාලු.

මෛත්‍රීට මේ වෙලාවේ මොන විදියෙන් හරි ආණ්ඩුවට පැනගන්න වුවමනාව තිබ්බාට ඒකට විරුද්ධ සැලකිය යුතු පිරිසකුත් ශ්‍රීලනිපය ඇතුළේ ඉන්න බවක් තමයි පේන්න තියෙන්නේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Celebrity Buzz: “One Battle After Another” තුළින් එන ඩිකැප්‍රියෝගේ වෙනස් මුහුණුවරක්!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...

මන්ත්‍රී විශ්‍රාම වැටුප ගැන ⁣කරු, ආණ්ඩුවෙන් කළ ඉල්ලීම!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදුවට රජය ගෙන ඇති...

ඌවට වෙරළක්..

  නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: මෙවර ජාතික ක්‍රීඩා උළෙලේ වෙරළ...