ශ්‍රීලනිප මධ්‍යම කාරක සභා රැස්වීම උණුසුම්. මෛත්‍රීට එළිපිටම විරෝධය !

Date:

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමක් පක්ෂ නායක මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ඊයේ (11) පැවැත්වුණා.

දයාසිරි ජයසේකරව පක්ෂ මහලේකම් තනතුරෙන් අයින් කළාට පස්සේ ඊයේ තමයි පළමු වතාවට ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව රැස්වුණේ.

මේ රැස්වීමට ආරාධනා කරලා තිබුණේ දයාසිරිට විරුද්ධ කණ්ඩායමට විතරයි කියලා එතනදීම චෝදනාවක් එල්ල වෙලා.

හිටපු පළාත් සභා ඇමති ගාමිණී තිලකසිරිගේ නමත් අන්තිම මොහොතේ නම් ලැයිස්තුවෙන් කපලා තිබිලා. එයා කෙළින්ම පක්ෂ නායක මෛත්‍රීපාල සිරිසේන ළඟට ගිහින් බොහොම ආවේගශීලීව කතා කරලා. “මෙහෙම පුළුවන්ද සර් පක්ෂ ගෙනියන්න ?” කියලා ගාමිණී තිලකසිරි පක්ෂ නායක මෛත්‍රීගේ මූණටම කියලා. ඒ වෙලාවේ මෛත්‍රීට හිතවත් කට්ටිය ඇවිත් තිලකසිරිව වටකරගෙන.

කොහොම වුණත් අන්තිමේ මෛත්‍රී ගාමිණී තිලකසිරිවත් රැස්වීමට එක්කරගෙන ගියාලු.

මෛත්‍රීට මේ වෙලාවේ මොන විදියෙන් හරි ආණ්ඩුවට පැනගන්න වුවමනාව තිබ්බාට ඒකට විරුද්ධ සැලකිය යුතු පිරිසකුත් ශ්‍රීලනිපය ඇතුළේ ඉන්න බවක් තමයි පේන්න තියෙන්නේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇතැම් ප්‍රදේශවලට තරමක තද වැසි – අද (02) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 02) දිනයේදී උතුරු, උතුරු-මැද,...

සමහරු ලක්ෂ 50 අරන් වෙන තැන්වල ගෙවල් හදන්න යනවා. චෙක්පත් ප්‍රශ්නය ආවෙ ඒකයි – ඇමති සුසිල්

සටහන - රුවන් නෙළුගොල්ල දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ නිවාස...

රනිල් – සජිත් හමුවක් !

හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා...

ICE නැතුව ශීත සෘතු ඔලිම්පික් උළෙල පවත්වන්නැයි කියන විරෝධතාවලින මිලාන් උණුසුම් වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: නාසි ෆැසිස්ට්වාදයෙන් 1945 දී...