*
Wednesday, February 28, 2024
spot_img

Latest Posts

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම – අලුත්ම තත්ත්වය

මෙම ලිපිය දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම හා අදාළව පසුගිය සතිය තුළ සිදු වූ දේවල් පිළිබඳව මෙන්ම මෙම සතිය තුළ සිදු විය හැකි දේවල් පිළිබඳව කෙරෙන සමාලෝචනයක්. ලිපියෙන් බොහෝ දුරට කෙරෙන්නේ දැනටමත් පොදු අවකාශයේ ඇති තොරතුරු සාරාංශගත කර නැවත ඉදිරිපත් කිරීමක්.

පසුගිය සතියේදී පාර්ලිමේන්තුවේ බහුතර ඡන්දයෙන් 2017 අංක 24 දරන දේශීය ආදායම් පණතේ පළමුවන උපලේඛනය සංශෝධනය කෙරුණා. ඒ අනුව, සේවා නියුක්තයන්ගේ භාර අරමුදල (ETF), අනුමත කරනු ලැබූ අර්ථසාධක හෝ විශ්‍රාම වැටුප් අරමුදල්, හා අනුමත කරනු ලැබූ සමාපන අරමුදල් (termination funds) මත අය කෙරෙන ආදායම් බදු අනුප්‍රමාණය 30% දක්වා වැඩි කෙරුණු අතර, දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සඳහා ඵලදායී ලෙස සහභාගී වන අරමුදල් සඳහා අදාළ වන ආදායම් බදු අනුප්‍රමාණය තවදුරටත් 14% ලෙසම පවත්වාගනු ලැබෙනවා. මෙම වෙනස්කම් 2023 සැප්තැම්බර් 1 දින සිට ඉදිරියට ක්‍රියාත්මක වෙනවා.

ඉහත සංශෝධනය මේ වන විට රටේ නීතිය බවට පත් වී අවසානයි. ඒ අනුව, අදාළ සංශෝධනයේ පසුබිම කුමක් වුවත්, සේවක අර්ථසාධක අරමුදල කළමනාකරණය කරන ශ්‍රී ලංකා මහ බැංකුව ඇතුළු වෙනත් ඕනෑම අයෙකුට එම නීතියට යටත්ව කටයුතු කිරීමට සිදු වෙනවා.

ඉහත නීතිය අනුව, “දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සඳහා ඵලදායී ලෙස සහභාගී වීම” යන්නෙන් අදහස් වන්නේ සුදුසුකම් ලත් අරමුදලක් සතුව තිබෙන 2023 වසර තුළ කල් පිරෙන සුදුසුකම් ලත් බැඳුම්කර අතරින් එක් එක් ශ්‍රේණියේ බැඳුම්කර වලින් අවම වශයෙන් 50%ක් සහ 2024-2032 කාලය තුළ (එම වර්ෂ දෙකද ඇතුළුව) කල් පිරෙන බැඳුම්කර සියල්ල අලුතෙන් නිකුත් කෙරෙන බැඳුම්කර වර්ග 12ක් සමඟ හුවමාරු කර ගැනීම සඳහා අර්පණය කිරීම සහ එම අර්පණයන් ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් පිළිගනු ලැබීමයි.

ඉහත සඳහන් සුදුසුකම් ලත් අරමුදල් යන්නට සේවක අර්ථසාධක අරමුදලද ඇතුළත්. අර්පණයන් ඉදිරිපත් කිරීම සඳහා හෙට (සැප්තැම්බර් 11) දින පස්වරු 4 දක්වා කාලය ලබා දී ඇති අතර පසු දින (සැප්තැම්බර් 12) ප්‍රතිඵල නිවේදනය කෙරෙනවා.

සේවක අර්ථසාධක අරමුදලෙහි භාරකරු වන ශ්‍රී ලංකා මහ බැංකුවට එම අරමුදල් වලට “අත නොතබා” සිටිය නොහැකියි. ඔවුන්ගේ වගකීම වනුයේ සාමාජිකයින්ට වැඩිම ප්‍රතිලාභ ලැබෙන පරිදි මෙම අරමුදල් ආයෝජනය කිරීම සහ එම ආයෝජන කල් පිරෙන විට එලෙසම නැවත නැවත ආයෝජනය කිරීමයි.

මහ බැංකුව විසින් ඉදිරිපත් කර තිබෙන ඇස්තමේන්තු අනුව, ඉහත සඳහන් බදු සංශෝධනයේ ප්‍රතිඵලයක් ලෙස 2038 දක්වා වන කාලය තුළ සේවක අර්ථ සාධක අරමුදලේ බැඳුම්කර ආයෝජන වල වටිනාකම 21.6%කින් අඩු වෙනවා. ඒ අනුව, සාමාන්‍ය වාර්ෂික ප්‍රතිලාභ 7.7% දක්වා අඩු වෙනවා. එහෙත්, “දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සඳහා ඵලදායී ලෙස සහභාගී වීම” මගින් ඉහත අලාභය 4.8% දක්වා අඩු කරගත හැකි අතර සාමාන්‍ය වාර්ෂික ප්‍රතිලාභ 9.1% මට්ටමෙහි පවත්වා ගත හැකියි.

මහ බැංකුවේ ගණන් බැලීම් අනුව සේවක අර්ථසාධක අරමුදල දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සඳහා ඵලදායී ලෙස සහභාගී වීමට නියමිත බව ඉතාම පැහැදිලියි. ඇතැම් බාහිර විශ්ලේෂකයින් විසින් මේ අයුරින් දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සඳහා සහභාගී වීම සේවක අර්ථසාධක අරමුදලට අවාසිදායක බව පෙන්වීමට උත්සාහ කර ඇතත් අපගේ අදහස වනුයේ එම ඇස්තමේන්තු දෝෂ සහගත බවයි. එමෙන්ම, මෙම බැඳුම්කර හුවමාරු ක්‍රියාවලිය නිසා අරමුදලේ බැඳුම්කර ආයෝජන වල වටිනාකම 47%කින් අඩු වන බවද එම බාහිර විශ්ලේෂකයින් විසින් පෙන්වා දී තිබෙනවා.

ණය හුවමාරුව සඳහා අර්පණයන් ඉදිරිපත් වී, එම අර්පණයන් සියල්ලම හෝ කොටසක් මහ බැංකුව විසින් භාර ගැනීමෙන් අනතුරුව සැප්තැම්බර් 14 දින බැඳුම්කර හුවමාරුව සිදු වෙනවා. එහිදී දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සඳහා සහභාගී වන ආයතන එදින අලුතෙන් නිකුත් කෙරෙන බැඳුම්කර වර්ග 12ක හිමිකරුවන් බවට පත් වෙනවා. ඔවුන්ට පසු දින සිටම මෙම බැඳුම්කර වෙනත් අයට විකිණීම සඳහා අර්පණය කළ හැකියි. වෙනත් අයට මෙම අලුත් බැඳුම්කර මිල දී ගැනීම සඳහා අර්පණය කළ හැකියි. ඒ අනුව, දෙපාර්ශ්වයේ එකඟත්වය මත මෙම බැඳුම්කර විකිණීම හා මිල දී ගැනීම මගින් හුවමාරු කරගත හැකියි.

ඉහත සඳහන් පරිදි අලුතෙන් නිකුත් කෙරෙන බැඳුම්කර වල මිල වෙළදපොළ තුළ තීරණය වෙද්දී එම බැඳුම්කර වෙනුවෙන් අනාගතයේදී ලැබෙන මුදල් ප්‍රවාහ වල වත්කම් වටිනාකමද වෙළඳපොළ තුළ නිර්ණය වී දෘශ්‍යමාන වෙනවා. ඒ අනුව, සේවක අර්ථසාධක අරමුදලට හෝ වෙනත් එවැනි අරමුදලකට දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය හේතුවෙන් සිදු වූ පාඩුව නිශ්චිත ලෙස ගණන් බැලීමට ඉඩ සැලසෙනවා. ඒ නිසා, එම පාඩුව මහ බැංකුවේ ඇස්තමේන්තුව වන 4.8% වඩා කිට්ටු වේද එසේ නැත්නම් වෙරිටේ රිසර්ච් ඇස්තමේන්තුවට (47%) වඩා කිට්ටු වේද යන්න දැක බලාගැනීම සඳහා බලා සිටිය යුත්තේ වැඩිම වුනොත් තවත් දෙසතියකට නොවැඩි කාලයක් පමණයි. එම පාඩුව දැක ගැනීමෙන් පසුවම ඒ ගැන වැඩිපුර කතා කරමු.

පාඩුව කොපමණ වුවත්, අපේක්ෂිත පාඩුවක් සිදු වන බව පොදු පිළිගැනීමයි. එමෙන්ම, මෙවැනි පාඩුවක් නොවැලැක්විය හැකි වූ බවද පොදු පිළිගැනීමක්. එහෙත්, මේ පාඩුවේ බර සේවක අර්ථසාධක අරමුදල ඇතුළු “සුදුසුකම් ලත් අරමුදල්” මත පමණක් නොපටවා සියලු බැඳුම්කර හිමියන් අතර බෙදා හැරිය යුතු වූ බව සැලකිය යුතු පිරිසකගේ අදහසක්.

මෙම අදහස දැරූ ඇතැම් අය සාධාරණත්වය සොයා අධිකරණය වෙත ගියා. එවැනි එක් අයෙක් චතුරංග අබේසිංහ. ඔහු මෙම ලිපියේ මුලින්ම සඳහන් කළ බදු සංශෝධනයෙන් මූලික අයිතිවාසිකම් කඩවීමක් සිදු වන බව සඳහන් කරමින් අධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් කළා (S.C. (SD) No.63/2023). ස්වස්තිකා අරුලිංගම් හා ජයන්ත දෙහිඅත්තගේ විසින් තවත් මෙවැනිම මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළ අතර (S.C. (SD) No.6412023) පෙත්සම් දෙකෙහි කරුණු වල සමානත්වය සලකා බලමින් මෙම පෙත්සම් දෙකම එක වර විභාගයට ගැනුණා. පෙත්සම් දෙකෙහිම වග උත්තරකරු වූයේ නීතිපතිවරයායි.

ජනාධිපති නීතිඥ බුවනෙක අළුවිහාරේ ඇතුළු ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග වූ ඉහත මූලික අයිතිවාසිකම් නඩුවට මැදිහත්කරුවෙකු ලෙස පෙත්සමක් ඉදිරිපත් කරමින් ලංකා බැංකුවද සම්බන්ධ වුනා. මහ බැංකු අධිපති විසින් දිවුරුම් ප්‍රකාශයක් මගින් අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබුණා. මෙහිදී සලකා බලනු ලැබූ මූලික කරුණ වූයේ බැඳුම්කර හිමියන් අතරින් තෝරාගත් පිරිසකට පමණක් වෙනස් ලෙස සැලකීම නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තියෙහි සඳහන් නීතිය ඉදිරියේ සියල්ලන්ටම සමාන ලෙස සැලකිය යුතුය යන මූලධර්මය කඩ වී ඇත්ද යන්නයි.

ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලීමෙන් පසුව ත්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩලය විසින් තීරණය කළේ ඉහත බදු සංශෝධනය තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තිය හෝ වෙනත් කිසිදු වගන්තියක් උල්ලංඝනය වී නොමැති බවයි. ඒ අනුව, අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත කර ගත හැකි බවයි. මෙය මේ වන විට සිදු වී තිබෙනවා.

මෙම නඩුව වැදගත් නඩුවක් සේ සැලකිය හැකියි. එහිදී ඉදිරිපත් වූ හා සලකා බලනු ලැබූ කරුණු අප කෙටියෙන් විමසා බලමු.

තෝරාගත් පිරිසකට පමණක් බද්දක් පැනවීම නීතිය ඉදිරියේ සියල්ලන්ටම සමාන ලෙස සැලකිය යුතුය යන මූලධර්මය උල්ලංඝනය කිරීමක්ද?

අධිකරණයේ මතය අනුව, නීතිය ඉදිරියේ සියල්ලන්ම සමාන ලෙස සැලකිය යුතුය යන්නෙන් අදහස් වන්නේ සියලුම නීති වල සියලුම කොටස් වලින් සියලුම පුද්ගලයින් එක ලෙස ආවරණය විය යුතු බව නොවේ. තර්කානුකූල හේතුවක් මත කිසියම් නීතියක් මගින් පුද්ගල වර්ගීකරණයක් කිරීම සඳහා රාජ්‍යය සතු බලය එමගින් ඉවත් නොකරයි.

Article 12(f) of the Sri Lankan Constitution does not insist that every piece of legislation must have universal application and it does not take away from the State the power to classify persons for the purposes of legislation, but the classification must be rational.

මෙහිදී අදාළ නීතිය පරීක්ෂාවන් දෙකක් සමත් කළ යුතුයි. පළමුවැන්න, මෙහිදී සිදු කෙරෙන වර්ගීකරණය පැහැදිලිව හඳුනාගත හැකි වෙන් කිරීමක්ද යන්නයි. දෙවැන්න, එසේ වෙන් කිරීම මගින් කිසියම් නීතියකින් අපේක්ෂා කරන අරමුණ ඉටු වේද යන්නයි.

කිසියම් පුද්ගලයෙකු මත බද්දක් පැනවීමේදී එසේ කිරීම සඳහා අනෙකුත් සියල්ලන් මතද එවැනිම බද්දක් පැනවිය යුතු නැති බව තීතිය තුළ මැනවින් ස්ථාපනය වී ඇති මූලධර්මයකි. ඒ නිසා, බද්දක් පැනවීමේදී පුද්ගල වර්ගීකරණය මගින් වෙනස් කොට සැලකීම ඒ හේතුව නිසාම මූලික අයිතිවාසිකම් කඩ කිරීමක් සිදු නොකරයි.

මේ අනුව, අධිකරණය විසින් සලකා බැලිය යුතු වූයේ මෙම නීතියේ උපකාරයෙන් බැංකු, ප්‍රාථමික අලෙවිකරුවන් හා අනෙකුත් බැඳුම්කරහිමියන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියෙන් බැහැර කිරීම සඳහා තර්කානුකූල හේතු තිබේද යන්නයි.

මහ බැංකු අධිපති විසින් අධිකරණය වෙත කර ඇති කරුණු දැක්වීම අනුව විශාල විනාශයක් වලක්වා ගැනීම සඳහා අනිවාර්යයෙන්ම දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් කළ යුතු වන අතර පෙත්සම්කරුවන් විසින් මෙය නොපිළිගනිමින් කරුණු ඉදිරිපත් කර නැහැ. මෙම කරුණු අප විසින් පෙර විස්තර කර ඇති රටේ ආර්ථික අර්බුදය පිළිබඳ සවිස්තරාත්මක කරුණු බැවින් මා මෙම කරුණු නැවත විස්තර කරන්නේ නැහැ.

බැංකු, ප්‍රාථමික අලෙවිකරුවන් හා අනෙකුත් බැඳුම්කරහිමියන් මත පැටවෙන බර සුදුසුකම් ලත් අරමුදල් මත පැටවෙන බර හා සසඳමින් ලංකා බැංකුව විසින් පහත කරුණු අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති අතර පෙත්සම්කාර පාර්ශ්ව වෙතින් මෙම කරුණු වලට ප්‍රතිපක්ෂව කරුණු ඉදිරිපත් කිරීමක් සිදු වී නැහැ.

බැංකු වලට සිදුව ඇති හා සිදු වන පාඩුව:

-බැංකු විසින් දැනටමත් 50% ඉක්මවන බදු ගෙවයි. මේ අනුව, බැංකු වල ලාබයෙන් එම බැංකු විසින් ලබා ගන්නා ලාබයටද වඩා වැඩි කොටසක් රජය විසින් දැනටමත් ලබා ගනී.

-මේ හරහා බැංකු විසින් රජයේ රාජ්‍යමූල්‍ය ස්ථායීකරණ වැඩ පිළිවෙළට සහාය වී ඇත.

-මහ බැංකුවේ නියමය මත වසංගත සමයේදී බැංකු විසින් ණයහිමියන්ට ණය ආපසු ගෙවන කාලය කල් දමන්නට ඉඩ දී ඇත.

-බැංකු වල ආපසු නොලැබෙන ණය අනුපාතය විශාල ලෙස ඉහළ ගොස් තිබේ. ඒ නිසා, සුළු වෙනසකින් රටේ මූල්‍ය ස්ථායීත්වය බිඳ වැටිය හැකියි.

-බැංකු පද්ධතිය හොඳින් ක්‍රියාත්මක නොවුනහොත් රටේ මුදල් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමද අපහසු වේ.

-රටේ බැංකු ගිණුම් මිලියන 57.2ක් ඇති අතර එම බැංකු ගිණුම් වල ඇති අරමුදල් සුරක්ෂිතව පවත්වා ගැනීම ඉතා වැදගත්ය.

-බැංකු පද්ධතිය බිඳ වැටුනොත් සිදු වන්නේ ඉතා විශාල විනාශයකි.

-සංවර්ධන බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම නිසාත්, ඉදිරියේදී ස්වෛරිත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම නිසාත්, බැංකු වලට විශාල පාඩුවක් සිදු වේ.

ප්‍රාථමික අලෙවිකරුවන් සහ අනෙකුත් සමාගම්:

-මොවුන් දැනටමත් 30%ක ආදායම් බද්දක් ගෙවයි. ඒ හරහා, රජයේ රාජ්‍යමූල්‍ය ස්ථායීකරණ වැඩ පිළිවෙළට සහාය වී ඇත.

-ඔවුන් සතු මුළු බැඳුම්කර ප්‍රමාණය රුපියල් බිලියන 153ක් පමණක් වන අතර රක්ෂණ සමාගම් සතුව තවත් රුපියල් බිලියන 322ක බැඳුම්කර ඇත. මෙම ප්‍රමාණය රුපියල් බිලියන 8,722ක මුළු බැඳුම්කර ප්‍රමාණයට සාපේක්ෂව සුළු ප්‍රමාණයක් වුවත් එම ප්‍රමාණය ආයතන 380ක් අතර බෙදී ගොස් ඇත. මෙම බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීමෙන් ණය සේවා අවශ්‍යතාවයට සිදුවන නොගිණිය හැකි තරමේ බලපෑමට සාපේක්ෂව අදාළ පරිපාලන කටයුතු වෙනුවෙන් විශාල කාලයක් යොදවන්නට සිදුවන නිසා මෙම කණ්ඩායම් ඇතුළත් කර ගැනීමෙන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය ප්‍රමාද වේ. එම ප්‍රමාදය නිසා සිදු වන අවාසියට සාපේක්ෂ ලැබෙන වාසිය ප්‍රමාණවත් නැත.

-එමෙන්ම, ආර්ථිකය සංකෝචනය වීම නිසා ඉහත සමාගම් වලටද සැලකිය යුතු පාඩුවක් සිදු වී ඇත.

සේවක අර්ථසාධක අරමුදල සහ සේවක භාර අරමුදල:

-දැනට ගෙවන්නේ 14%ක බද්දක් පමණයි.

-මෙම අරමුදල් වල ඇති තැන්පතු ක්ෂණිකව ඉවත් කරගැනීමේ අවදානම නීති මගින් වලක්වා ඇති නිසා ද්‍රවශීලතා අවදානමක් නැත.

-මෙම අරමුදල් ස්වෛරිත්ව බැඳුම්කර වල හෝ සංවර්ධන බැඳුම්කර වල ආයෝජනය කර නොමැති බැවින් එම බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීමේදී පාඩුවක් සිදු නොවේ.

මෙම සංසන්දනයන්ට හා තොරතුරු එරෙහිව පෙත්සම්කාර පාර්ශ්ව විසින් කරුණු ඉදිරිපත් කිරීමක් කර නැහැ. ඒ අනුව, “සුදුසුකම් ලත් අරමුදල්” වලට වෙනස් ලෙස සැලකීම සඳහා රජයට තර්කානුකූල හේතු ඇති බවත්, එසේ කිරීමෙන් ව්‍යවස්ථාවේ 12(1) වගන්තිය මගින් තහවුරු කර ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදු නොවන බවත් අධිකරණයේ මතයයි.

From the foregoing reasons that we have adumbrated in the determination, we proceed to hold that neither the Bill nor any of its provisions is inconsistent with Article 12 or any provisions of the Constitution.

~ ඉකොනොමැට්ටා

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

sakarya escort bayan Eskişehir escort bayan

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan