*
Friday, May 3, 2024
spot_img

Latest Posts

වර්ජනය නිසා දුම්රිය මගීන් අපහසුතාවට

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): දුම්රිය ලොකොමෝටිව් ඔපරේටින් ඉංජිනියර්ස් සංගමයේ ලේකම් එස්.ආර්.සී.එම් සේනානායක මහතා පැවසුවේ, වැටුප් වර්ධක සම්බන්ධ ගැටලුවක් මුල්කර ගනිමින් වර්ජනය ක්‍රියාත්මක කරන බවත්, එබැවින් ධාවනාගාර කිහිපයක ඊයේ (11) මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක් ආරම්භ කර ඇති බවයි.

ඔහු ඒ පිළිබඳ අදහස් දැක්වූ ඒ මහතා,

දුම්රිය එංජින් රියදුරු ශ්‍රේණියට වසර ගණනක් තිස්සේ, වැටුප් කේතයක් නැති ගැටලුවක් තියෙනවා. ඒ නිසා අපේ ශ්‍රේණිය සම්බන්ධ වෙලා තියෙන උසස්වීම් ලබාගැනීමේ ගැටලුවක් තියෙනවා. වැටුප් කේතයක් නැති නිසා බඳවා ගැනීමේ පටිපාටියක් නොමැති වීමෙන් සියලුදේවල් ඇනහිටලා තියෙනවා. ඉතාම අපහසුතාවයට පත්වෙලා ඉන්න කණ්ඩායම් දෙකක් තියෙනවා එංජින් දුම්රිය සේවයේ. ඔවුන් අපේ සංගමයට දිගින් දිගටම බලපෑම් කරා මේකට සම්බන්ධ වෙන ලෙස. ඒ අනුව අප සංගමය මීට සති දෙකකට පෙර ජනාධිපති, අගමැති, ප්‍රවාහන අමාත්‍යවරයා සහ දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා දැනුවත් කරලා තියෙනවා. ඒ අනුව මෙතෙක් නිසි පිළිතුරක් නොලැබීම හේතුවෙන් වෘත්තීය ක්‍රියාමාර්ගයකට යන්න වුණා. ගැටලු රැසකට මුහුණදීලා සිටින ධාවනාගාර දෙකක් තමා මේකට සම්බන්ධ වුණේ. ඉදිරියේදී පිළිතුරක් නොමැති නම් සියලුම රියදුරන් සම්බන්ධ වෙලා තව දුරටත් ඉදිරියට යන්න ඉඩ තියෙනවා.”

වර්ජනය හේතුවෙන් අද (12) උදෑසන දුම්රිය ගමන් වාර කිහිපයක් අවලංගු වී ඇති අතර ,දුම්රිය ගමනාගමන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එම්.ජේ. ඉදිපොලගේ මහතා ප්‍රකාශ කළේ, අද උදෑසන හලාවත, ගනේවත්ත, අලුත්ගම සිට කොළඹ බලා පැමිණෙන දුම්රිය කිහිපයක් අවලංගු වී ඇති බවත්, කොළඹ සිට ධාවනයවීමට නියමිතව තිබූ කෙටි දුම්රිය ගමන් වාර කිහිපයක් අවලංගු වී ඇති බවයි.

දුම්රිය ගමනාගමන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එම්.ජේ. ඉදිපොලගේ මහතා ප්‍රකාශ කළේ, මේ වන විට රඹුක්කන, පොල්ගහවෙල, මහනුවර, මහව, කුරුණෑගල, ගාල්ල, අවිස්සාවේල්ල යන ප්‍රදේශවල සිට දුම්රිය පැමිණෙන බවයි.

දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ, වර්ජනය හේතුවෙන් අද උදෑසන ධාවනය වීමට නියමිතව තිබු දුම්රිය ගමන්වාර 20ක් පමණ අවලංගු කර ඇති බවයි.

අවලංගු වූ සහ ධාවනය වන දුම්රිය පිළිබඳ විස්තරය පහත පරිදි වේ

ප්‍රධාන දුම්රිය මාර්ගය

*මහව හන්දියේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන දුම්රිය වේයන්ගොඩ දුම්රිය ස්ථානයේ දී මගී ධාරිතාවය ඉක්මවා ගොස් ඇත.

*කුරුණෑගල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන සීඝ්‍රගාමී දුම්රිය කොටුව දක්වා ඇති සෑම දුම්රිය ස්ථානයකම නවත්වනවා ඇත.

*රඹුක්කන සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන මන්දගාමී දුම්රිය අද දින ධාවනය නොවේ.

*ගල්කිස්ස සිට කොළඹ කොටුවට පැමිණ උදේ 5.45ට කන්කසන්තුරේ දක්වා ධාවනය වන යාල්දේවී සීඝ්‍රගාමී දුම්රිය අද සුපුරුදු නැවතුම් පොළවලට අමතරව අඹේපුස්ස, අත්තැල්ගොඩ, බුද්ගමුව සහ අලව්ව දුම්රිය ස්ථානවල නවත්වනු ලැබේ.

පුත්තලම මාර්ගය

* හලාවත සිට කොළඹ කොටුව දක්වා දුම්රිය ධාවනය නොවේ.

*පුත්තලමේ සිට ගල්කිස්ස දක්වා ධාවනය වන දුම්රිය මීගමුවේ සිට සෑම දුම්රිය ස්ථානයකම නවත්වනු ඇත.

*අලුයම 3.40 සිට අලුත්ගම සිට කොළඹ කොටුවට පැමිණ 5.41ට හලාවත දක්වා ධාවනය වන දුම්රිය අද ධාවනය නොවේ.

*6.50ට මීගමුව සිට කොළඹ කොටුවට ධාවනය වන දුම්රිය අද ධාවනය නොවේ.

මුහුදුබඩ මාර්ගය

* පෙ.ව 7.40ට පානදුර සිට මරදාන දක්වා ධාවනය නොවේ.

* පෙ.ව 7.45ට සහ පෙ.ව 8.10ට මොරටුව සිට මරදාන දක්වා ධාවනය වන දුම්රිය දෙකම ධාවනය නොවේ.

*පෙ.ව 7.25ට දකුණු කළුතර සිට මරදාන දක්වා ධාවනය නොවේ.

කැලණිවැලි මාර්ගය

*උදෑසන 7.10 පාදුක්ක සිට කොළඹ කොටුව දක්වා ධාවනය දුම්රිය ධාවනය නොවේ.

*උදෑසන 5.20ට පාදුක්ක සිට කොළඹ කොටුවට ධාවනය වන දුම්රිය අද ධාවනය නොවේ.

*උදෑසන 6.05 කොස්ගම සිට කොළඹ කොටුවට ධාවනය දුම්රිය ධාවනය නොවේ.

මේ අතර දුම්රිය රියදුරු වෘත්තීය සමිති වර්ජනය හේතුවෙන් දුම්රිය රැසක් අවලංගු කර තිබූ මොහොතක , තිබෙන සීමිත දුම්රියක වහලය මත ගමන් කළ තරුණයෙක් හොරපේ දුම්රිය ස්ථානය ආසන්නයේදී අනතුරකට ලක්ව තිබේ.

අදාළ තරුණයා හොරපේ දුම්රිය ස්ථානයේ වහලයේ ගැටී අනතුරට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ. අනතුරින් බරපතළ තුවාල ලැබු පුද්ගලයා එම ස්ථානයේ දීම මියගොස් ඇති අතර, ඔහු වයස අවුරුදු 20ක පමණ තරුණයෙකු බවට වාර්තා වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan