අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් වෙයි!

Date:

කොළඹ LNW:අද (12) මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය සේවාව අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කර ගැසට් නිවේදනයක් නිකුත් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.

කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.

දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවයක් කිරිමෙම් හෙට සිට ජනතාවට ඇති වන අපහසුතා මඟහැරී යන බව හෙතෙම සඳහන් කළේය.

මේ අතර අද දින ක්‍රියාත්මක වූ දුම්රිය රියදුරන්ගේ වැඩවර්ජනය හේතුවෙන් ප්‍රමාණවත් පරිදි දුම්රිය ධාවනය නොවීමෙන් දුම්රිය වහලයක් මත පැමිණි තරුණයෙකු අනතුරට පත්වී මියයාමේ පුවතක්ද වාර්තා විය.

මේ සම්බන්ධයෙන් ද අමාත්‍යවරයා අදහස් දක්වා සිටි අතර ඔහු පැවසුවේ මෙම මරණයට සම්පූර්ණයෙන්ම හිතුවක්කාර වෘත්තීය සමිතිවල වැඩවරපු 84 දෙනා වගකිව යුතු වන බවයි.

”යුක්තිය පසිඳලන ආයතන තියෙනවා නම් මේ දරුවාට දෙමාපියන් ඉන්නවා, මේ වර්ජනය කරපු අයත් දෙමාපියන් වෙන්න පුළුවන්. නමුත් හිතුවක්කාර වර්ජනයක් කළේ. හෙට සාකච්ජාව දීලා තියෙද්දි පොරොන්දු වෙලා නිල වශයෙන් දැනුම්දීලා තියෙද්දි එපා කියද්දි 84 දෙනෙක් පමණක් මෙහෙම වර්ජනය කිරීම සම්පූර්ණයෙන්ම දුම්රිය ත්‍රස්තවාදය ක්‍රියාත්මක කිරීමක්. ඒ නිසා මේ ත්‍රස්තවාදයට යටත්වෙන්න රජයක් විදියට අපි සුදානම් නෑ. මෙවැනි අනීතික වැඩවර්ජනයක් කරලා මෙහෙම නිරායුධ අහිංසක මිනිස්සුන්ගේ ජීවිත නැතිවෙනවා නම් මේක මිනිමැරුමක්.” යනුවෙන් ආමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අවධමන රැල්ලේ අවසන් මාසය

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2025 ජූනි මාසය තුළද...

සිසු සැරිය සඳහා රජයෙන් ලබා දෙන ගාස්තුව ඉහළ නැංවීමේ සැලසුම්!.

කොළඹ LNW:පාසල් දරු දැරියන් ප්‍රවාහනය කරන සිසු සැරිය පාසල්...

මහරගම අපේක්ෂා රෝහලට රු. මි. 600 ක වටිනාකමකින් යුත් පස්මහල් ළමා වාට්ටු සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW රෝහල්වල ඉදිකිරීම් දීර්ඝ කාලීනව...