එංගලන්තය ඕසට්‍රේලියාව ඉහළ නැඟෙයි

Date:

මේ වන විට ප්‍රංශයේ ක්‍රියාත්මක ලෝක කුසලාන රග්බි තරගාවලියේ දස්කම් සමඟ ජගත් රග්බි ශ්‍රේණිගතකිරීම්වල තත්ත්වය වෙනස් වී ඇත.ඒ අනුව සැප්තැම්බර් 11 වන දා නිකුත් වූ නවතම ශ්‍රේනිගත කිරීම්වලට අනුව එංගලන්තය ස්ථාන 8 ක් ඉහළට පැමිණ 9 වන ස්ථානයට පිවිසිමට සමත්ව ඇත.ඕසට්‍රේලියාව ස්තාන 9 ක් ඉදිරියට පැමිණ 7 වන තැන රැදී සිටියි.
ඒ ආකාරයට නවතම ශ්‍රේණිගත කිරීම්වල ස්ථාන 10 ක් ඉදිරියට ආ වේල්සය 8 වන තැන ද,ස්ථාන 12 ක් ඉදිරියට ආ සැමෝවා 11 වන තැනට ද පිවිස ඇත.12 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙන ඉතාලිය ද ස්ථාන 13 න් ඉදිරියට පැමිණ තිබේ.
ජොර්ඩ් ෆෝර්ඩ්ගේ ග්‍රහණයෙන් පිඩාවට ලක් වූ ආර්ජෙන්ටිනාව එංගලන්තය ඉදිරියේ පරාජය වන විට සිටියේ සිව්වන තැනය.නමුත් එම පරාජය ද සහිතව නව ශ්‍රේණිගත කිරීම්වලදී ආර්ජෙන්ටිනාවට 11 වන ස්ථානය දක්වා පහළ බසින්නට සිඳු වී ඇත.
මේ ආකාරයට ප්‍රංශයේදී සිඳුවන රග්බි පෙරළි නිසා ලෝක සූරතාවය විවෘත ස්වභාවයකට පත්ව ඇති අතර සෑම කණ්ඩායමක්ම සිය ප්‍රතිවාදී කණ්ඩායම්වල දුර්වලතාවයන්ගෙන් උපරිම ප්‍රයෝජන ගෙන ඉහළම ජයග්‍රහණ වාර්තා කරන්නට වෙහෙස වෙන නිසා ජයග්‍රහණවල ලොකු පොඩි ප්‍රමාණයන්ද ශ්‍රේණිගත කිරීම්වල ඉහළ පහළ යාමට බලපානු ඇත.

සටහන – නිෂ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තවත් ගුවන් අනතුරක් 99න් බේරෙයි:මගීන් 191 දෙනා දැඩි අපහසුතාවට!

රෂිකා හෙන්නායක ජූනි 03, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ෂැන්හයි නුවර...

පත්තර මහගෙදර ලංකාදීපයටත් සෙනසුරු දසාව ලබලා !

අවුරැද්දකට අධික කාලයක සිට විජය පුවත්පත් සමාගමේ පවතින සේවක...

නවක වදය ගැන අදාල නිලධාරින්ට අගමැතිනිගෙන් උපදෙස්!

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW : විශ්වවිද්‍යාල පද්ධතියේ සහ...

බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට මාස හයක සිර දඬුවමක් පැනවේ

සටහන: සශිකලා මධුෂාණිජුලි 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හිටපු අගමැතිනි ෂෙයික්...