පළමු විවාදයේ වැඩි ලකුණු හැරිස්ට

Date:

සටහන: සශිකලා මධුෂාණි
සැප්තැම්බර් 13; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපදයේ මීළඟ ජනාධිපති අපේක්ෂකයා වෙනුවෙන් ප්‍රධාන පක්ෂ දෙකෙහි අපේක්ෂකයන් වන හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා හිටපු උප ජනාධිපතිනි කමලා හැරිස් අතර පසුගියදා පෙන්සිල්වේනියාවේ ෆිලඩෙල්ෆියාහිදී පවතී පළමු විවාදයේදී අපේක්ෂකයින් දෙදෙනා අතිශය තියුණු තරඟයක යෙදුන බවත්, හැරිස් ඇගේ රිපබ්ලිකන් ප්‍රතිවාදියාට වඩා හොඳින් ක්‍රියා කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙම විවාදය සම්බන්ධයෙන් කරන ලද මත විමසුමකට අනුව, හැරිස් ජාතික වශයෙන් ට්‍රම්ප්ට වඩා ලකුණු පහක ඉදිරියෙන් සිටින අතර ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 53% ප්‍රකාශ කර තිබුණේ, හැරිස් අඟහරුවාදා විවාදයෙන් ජයග්‍රහණය කළ බවයි.

විවාදයේ සාකච්චා වූ කරුණු අතර 2021 ජනවාරි 6 වැනි දින එක්සත් ජනපද කැපිටල්හි පැවති කෝලාහලයේදී ඔහුගේ හැසිරීම හා පාක්ෂිකයන්ගේ හැසිරීම සම්බන්ධයෙන් අදහස් කාගේත් කතාබහට ලක්වූ අතර විවාදයෙන් අනතුරව හැරිස්ගේ කණ්ඩායම් ප්‍රචාරණය කර තිබුණේ,“උප ජනාධිපති හැරිස් දෙවන විවාදයකට සූදානම්. ඩොනල්ඩ් ට්‍රම්ප්ද?” වශයෙනි.

ඊට ප්‍රතිචාර වශයෙන් ඩොනල්ඩ් ට්‍රමප් සිය X සමාජ මාධ්‍ය ගිණුමේ සඳහන් කර තිබුණේ, ජනමත විමසුම් පැහැදිලිව පෙන්නුම් කරන්නේ ඩිමොක්‍රටික් පක්ෂයේ රැඩිකල් වාම අපේක්ෂක කමලා හැරිස් සහෝදරියට එරෙහි විවාදයෙන් තමා ජයග්‍රහණය කළ බවත් නැවත විවාදයක් සිදු නොවන බවත්ය.

කෙසේ නමුත්, මෙවර විවාදය මිලියන 67.1ක් සජීවීව නරඹා තිබු අතර එය ට්‍රම්ප් සහ බයිඩන් අතර ජුනි මාසයේ විවාදයට සුසර කළ මිලියන 51.3 ට වඩා සැලකිය යුතු ඉහළ අගයකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තේරුම් කමිටුව නිර්භිත විය යුතු සහ හෘද සාක්ෂියට අවංක විය යුතු මොහොතක්

නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: සිම්බාබ්වේ යන්නෙ බංගලින්ගෙන් කාලාශ්‍රී ලංකාව...

කුමාර ජයකොඩි ඇමතිවරයා සම්බන්ධයෙන් ආණ්ඩුව ගන්න ක්‍රියාමාර්ගය මොකක් ද? – පුබුදු ජයගොඩ

රටේ වත්මන් දේශපානලන තත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා පෙරටුගාමී...

රාජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...