*
Monday, September 23, 2024
spot_img

Latest Posts

රනිල්ගෙයි අනුරගෙයි මධුසමය 21 අවසන්!

කොළඹ LNW:රනිල් වික්‍රමසිංහ හා අනුර දිසානායක යන දෙදෙනා මේ වන විට දේශපාලන විවාහයක් කරගෙන සිටින අතර ඔවුන්ගේ මධුසමය සැප්තැම්බර් 21 අවසන් වීමට නියමිත බව සමඟි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේය.

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (120 තලවතුගොඩ දී පැවති සමඟි ජන සන්ධානයේ මහජන රැළිය අමතමිනි.

ඉන්දියාවේ ඇති අති සාර්ථක අධ්‍යාපන ක්‍රමය තුළ අයි. අයි. ටි සහ අයි. අයි. එම්. වැනි ආයතන හරහා ඉන්දියාවේ අලුත් ඉහළ ආදායම් ලබන මැද පන්තියක් නිර්මාණය වී ඇති බවත් ඒ අනුව යමින් සමගි ජන බලවේගයත් එවැනි අධ්‍යාපන ආයතන අප රට තුළ ඇති කරන බවත් ඒ හරහා උගතුන් බුද්ධිමතුන් බිහි කර දැනුමේ කේන්ද්‍රස්ථානයක් බවට පත් කරන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

අප රටත් තොරතුරු තාක්ෂණ කේන්ද්‍රීය පාරාදීසයක් බවට අප රට පත් කර උගතුන් බුද්ධිමතුන් බිහි කරන කේන්ද්‍රස්ථානයක් බවට අප රට පත් කරන බවයි හෙතෙම කියාසිටියේ.

එහි දි පාසල් සියල්ල සුහුරු පාසල් බවට පත් කරන බවත් මුල් ළමා විය මධ්‍යස්ථානවල සිට විශ්වවිද්‍යාවල දක්වා මෙම අධ්‍යාපන පහසුකම් ඇති කරන බවත් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan