(VIDEO)සැවොම පුදුම කරමින් අපේක්ෂකයෙක් ඉදිරියටම,සමීක්ෂණවලින් දැනට ඉදිරියෙන්ම ඇති අපේක්ෂකයෝ,දින හතකින් ඉරණම විසඳෙන හැටි, අද පුවත්09/13

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 13, කොළඹ (LNW):

රටේ පවතින තත්ත්වයට තම පක්ෂය හැර අනෙකුත් සියලුම දේශපාලන පක්ෂ වගකිව යුතු බව හා අවිගත් කැරැල්ලට තමන්ගේ කිසිඳු සම්බන්ධයක් නැති බව මවා පාමින් ජනතා විමුක්ති පෙරමුණ අද ජනතාව රවටමින් සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

මෙරට සංවිධානාත්මක අපරාධ කල්ලි සහ මත්ද්‍රව්‍ය මුලුමනින්ම තුරන් කරන පාලන ක්‍රමයක් ජාතික ජනබලවේග රජයක් තුළ ඇති කරන බව ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

දකුණේ දරුවන්ට හිමි සියලු දේ උතුරේ දරුවන්ට ද ලබාදීම තම අරමුණ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

ජනාධිපතිවරණයට අදාළ සියලු ප්‍රචාරක කටයුතු එළඹෙන 18 දා මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙනවා. ඉන්පසු කිසිඳු දේශපාලන පක්ෂයකට, අපේක්ෂකයෙකුට, ආධාරකරුවෙකුට අදාළ ආකාරයට ප්‍රචාරක කටයුතුවල නියැලීම තහනම්.

බටහිර රටවල් යුක්‍රේනයට දිගු දුර මිසයිල ලබාදුනහොත් ඔවුන් රුසියාව සමඟ සෘජු යුද ගැටමුක් ආරම්භ කළා සේ සලකන බවට රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අනතුරු අඟවනවා

අදත් එක්වන්න උදෑසන පුවත් සමඟින්…..

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බස් අනතුරින් බටහිර ඇෆ්ගනිස්ථානයේ අහිමි වූ ජීවිත ගණන 73ක්: 17 ක් කුඩා දරුවන්

රෂිකා හෙන්නායක අගෝස්තු 20, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): කාබුල් බලා යමින්...

මහනුවර හෙක්ටයාර 3000ක අලුතෙන් වගා කිරීමට සැලසුම්!

කොළඹ LNW:වගා කළ හැකි නමුත් වගාවෙන් තොරව පවතින ඉඩම්...

සංස්ථා ලුණු මිල පහළට!

කොළඹ LNW:ලංකා ලුණු සමාගම විසින් අයඩින් මිශ්‍ර ලක් ලුණු...

දෙස් විදෙස් නිවාඩු තාවකාලිකව අවලංගු වීම ගැන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දැඩි කතාබහක්!

රෂිකා හෙහෙන්නායක අගෝස්තු 20 කොළඹ LNW: විදේශීය සහ දේශීය නිවාඩු...