*
Sunday, September 22, 2024
spot_img

Latest Posts

Julie Kozak, IMF ගැන කියන කතාව!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 13, කොළඹ (LNW):

ගෙවී ගිය කාලය පුරා ශ්‍රී ලංකාව මෑත කාලයේ මුහුණදුන් දරුණුතම අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාව අතර එකඟ වී ඇති වැඩසටහනේ අරමුණු ඉටු කර ගැනීම ප්‍රමුඛතාව ලැබිය යුතු කරුණක් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

IMF හි සන්නිවේදන අංශයේ අධ්‍යක්ෂිකා Julie Kozak ඒ බව පැවසුවේ සැප්තැම්බර් 21 පැවැත්වෙන ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය මත ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර එළැඹි ඇති එකඟතා සම්බන්ධයෙන් නැවතත් සාකච්ඡා ආරම්භ කිරීමට හැකියාවක් තිබේ දැයි මාධ්‍යවේදියෙක් ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

“වැඩසටහනේ ප්‍රගතිය ශක්තිමත්. ප්‍රතිසංස්කරණ උත්සාහයේ ප්‍රතිඵල ලැබෙනවා. ආර්ථික වර්ධනය සුබදායි  වෙලා. උද්ධමනය අඩුවෙනවා. සංචිත, ජාත්‍යන්තර සංචිත වර්ධනය වෙනවා. ආදායම් ශක්තිමත් වෙනවා. නමුත් සමහර අවදානම් තවමත් තියෙනවා. ඒ නිසා ප්‍රතිසංස්කරණ තිරසරව පවත්වාගෙන යාම වැදගත්, පළමුවෙන්ම, සඳහන් කළ යුතුයි, එළැඹෙන මැතිවරණය, ඇත්ත වශයෙන්ම එය ශ්‍රී ලංකා ජනතාව තීරණය කළ යුතු දෙයක්. ඉතිහාසයේ ශ්‍රී ලංකාව මුහුණදුන් දරුණුතම අර්බුදයකින් ගොඩ ඒමට IMF වැඩසටහනේ ඉලක්ක සපුරා ගැනීම ප්‍රමුඛ කරුණක්. රට සම්පූර්ණයෙන්ම අර්බුදයෙන් මිදිලා නැහැ. එබැවින් අමාරුවෙන් ලබාගත් ජයග්‍රහණ රැක ගැනීම වැදයත්,” යනුවෙනි. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 3ක විස්තීර්ණ ණය පහසුකමක් අනුමත කළ අතර එහි දෙවැනි සමාලෝචනය සාර්ථකව නිමකර එම විස්තීර්ණ ණය පහසුකමේ තුන්වැනි වාරිකය මගින් ඩොලර් බිලියන 336ක් සඳහා ප්‍රවේශය පසුගිය ජූනි මාසයේදී ලැබුණි.  Julie Kozak තවදුරටත් පැවසුවේ IMF වැඩසටහන සම්බන්ධයෙන් පැවැත්වෙන තුන්වැනි සමාලෝචනය ගැන සැප්තැම්බර් 21 වනදායින් පසුව බිහිවන නව රජය සමග සාකච්ඡා කරන බවයි.

“අපි සූදානම් ජනතාවගේ තෝරාගැනීම සමග ඉදිරියට යන්න…”Julie Kozak ලෙස පවසා ඇත.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan