වත්මන් රජය පිළිබදව ජාත්‍යන්තරයෙන් දැඩි විශ්වාසයක්!

Date:

රෂිකා හෙන්නායක ජනවාරි 09, කොළඹ LNW :

ජනතාව රජයට ගෙවන බදු මුදල් නිවැරදි ලෙස රටේ සංවර්ධනයට හා ජනතා සේවයට යොදවන බවටත්, දූෂණ, වංචා සිදුනොකරන බවටත් මෙරට ජනතාව තුළ මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද දැඩි විශ්වාසයක් ගොඩනැගී ඇති බව වාර්තා වේ.


දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේදී , ජන ජීවිතය යථාවත් කිරීමේදී මෙන්ම රට යළි ගොඩනැගීමේදී Rebuilding Sri Lanka අරමුදලට මෙන්ම වෙනත් විවිධාකාරයෙන් ලැබෙන ආධාර ද සම්පූර්ණයෙන්ම නාස්තියකින් දූෂණය කින් තොරව භාවිතා කරන බවටද එවැනි විශ්වාසයක් ගොඩනැගී ඇති අතර, මේ තත්වය තුළ බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයට විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගෙන් නිතර ආධාර ලැබෙමින් පවතින බවද වාර්තාවේ.


ඒ අතර විශේෂ සිදුවීම් දෙකක්ද වාර්තා විය. එක්තරා තරුණ පිරිසක් තමන්ගේ සංගීත කණ්ඩායමක් ගොඩනගාගෙන එය එළිදැක්වීමෙන් ලද සමස්ත ආදායම Rebuilding Sri Lanka අරමුදල් සඳහා යොදවන ලෙස බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයට බාරදී ඇත.


මේ අතර දිට්වා සුළි කුණාටුවෙන් රට විපතට පත් අවස්ථාවේ කිලිනොච්චියේ චුන්ඩිකුලම් කලපුවේ මෝය කට පුළුල් කිරීමේදී අනතුරට ලක්ව මිය ගිය නාවුක හමුදා නිලධාරින් 05 දෙනාගේ පවුල්වලට පවුලකට පවුම් දහස බැගින් ලබාදෙන්නැයි ඉල්ලමින් යාපනයේ පදිංචිකාරියකව සිටි කාන්තාවක් පවුම් 5000 ක් ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයට භාරදී තිබේ.


මේ ආකාරයට පවුම් 22 සිට විවිධ ප්‍රමාණයෙන් ආධාර ලැබෙමින් පවතින බවද ඒ ආධාර ලබා දෙන සියලු දෙනා එසේ කරන්නේ වර්තමාන පාලනය පිළිබඳව දැඩි විශ්වාසයකින් බව ප්‍රකාශ කර ඇතැයිද වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

NPP ලේබලයෙන් ගෙනෙන රනිල් – ගෝඨා අධ්‍යාපන ප්‍රතිපත්ති එපා – කොටුවේ විරෝධතාවක් (PHOTOS)

කොළඹ LNW:NPP ලේබලයෙන් ගෙනෙන රනිල් - ගෝඨා අධ්‍යාපන ප්‍රතිපත්තිය...

Your Shot Challenge හි හොඳම ඡායාරූප කිහිපයක්! ඇස් වලින් දැක, විඳින්න.

සටහන – පුලී ජනවාරි 14, කොළඹ (LNW):  ඉඳහිට හිතට අල්ලන...

එක්සත් ජනපදය හා ඉරානය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඇනහිටියි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ ක්‍රියාත්මක වන...

ආනයනික කිරිපිටි මිල පහතට!

කොළඹ LNW:එළඹෙන ජනවාරි 16 වෙනි දා සිට ආනයනික කිරිපිටි...