පිලිපීනයේ කුණු කන්දක් කඩා වැටීමෙන් එක් අයෙකු මියගොස් 38 දෙනකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණි

ජනවාරි 09: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පිලිපීනයේ සෙබු නගරයේ බිනාලිව් ගම්මානයේ කුණු කන්දක් කඩා වැටීම හේතුවෙන් කසල එකතු කරන කාන්තාවක් මියගොස් 38 දෙනෙකු අතුරුදන්ව ඇති බව වාර්තා වේ.

සෙබු නගරාධිපති නෙස්ටර් මාධ්‍ය වෙත සඳහන් කර තිබුණේ, අතුරුදහන් වූවන් 38 දෙනෙකු සොයා සෙවීමේ සහ ගලවා ගැනීමේ උත්සාහයන් අඛණ්ඩව සිදුවෙමින් පවතින බවයි.

එවැනි ගොඩකිරීම් සහ විවෘත කුණු කඳු දිගු කලක් තිස්සේ පිලිපීනයේ බොහෝ නගරවල බරපතල සෞඛ්‍ය ගැටලුවක් වී ඇති අතර, මේ හා සමානව 2000 ජූලි මාසයේදී ද මැනිලා අගනගරයේ ක්විසොන් නගරයේ තදාසන්න ප්‍රදේශයේ පැල්පත් නගරයක කුණු කන්දක තිබූ විශාල කුණු කන්දක් දින ගණනාවක් පුරා පැවති කුණාටු සහිත කාලගුණයෙන් පසු කඩා වැටීම හේතුවෙන් පුද්ගලයින් 200 කට වැඩි පිරිසක් මිය යන ලදී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දිවයිනේ සියළුම පාසල් හෙට (27) දින පමණක් වසා දැමේ!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : පවතින අයහපත් කාලගුණ...

වන්දි ගෙවීම සම්බන්ධ ගැටළුව අධිකරණය විසින් නිරවුල් කිරීමෙන් පසු කෙහෙළියට ඇප!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : පසුගිය රජය සමයේ...

රු. මි. 51ක් වටිනා කුෂ් සමඟ ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර...