ආකාශ්ගේ තර්ජන මැද කොදෙව් තරුණයෝ ජය කණුවට ළඟා වෙති

Date:

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 13, කොළඹ LNW:

ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ කොදෙව් සංචාරයේ තරග හතකින් යුතු එක්දින තරගාවලියේ හයවැන්න නිමාවන විට ශ්‍රී ලංකා කණ්ඩායම පසුපසට ඇඳ දමමින් තරගාවලියේ ජය කොදෙව් තරුණයන් විසින් අත්පත් කර ගනු ලැබුවා.හයවන තරගයේදි ද කාසියේ වාසිය දිනූ කොදෙව් නායක ජොෂුවා ඩෝර්නේ පළමුව පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළා.විරාන් චමුදිත (88) සහ දිමන්ත මහවිතාන (49) පළමු කඩුල්ලට ලකුණු 114 සබදතාවයක් පවත්වමින් හොඳ ආරම්භයක් ලබා දුන් අතර එයට මැද පෙළින් නායක විමත් දින්සර එක් කළ නොදැවී ලකුණු 58 ත් සමඟ ශ්‍රී ලංකා ඉණිම කඩුලු 7 ට ලකුණු 286 ක් දක්වා ඉහළට නැඟුණා.


පිළිතුරු ඉණිමේදී නායක ජෙෂුවා ලකුණු 95 ක් ලබා ගනිමින් ද,තමන් ලකුණු අතර සිටින බව පැහැදිළි කළ ජොනතන් වැන් ලේන්ජ් ලකුණු 50 ක් ලබා ගනිමින් ද,කොදෙව් කණ්ඩායම ජයග්‍රහණය වෙත සමීප කළා.අවසාන මොහොතේදී ‍වේගවත් ලකුණු 21 ක් නොදැවී ලැබූ සකුවාන් බෙල්ලේ ද සමඟ කොදෙව් කණ්ඩායම තරගයේ 49 වන ඕවරයේ සිව්වැනි පන්දුවේදී කොදෙව් ලකුණු පූවරුව කඩුලු 7 ට ලකුණු 289 ක් බවට පත් ළා.නැවතත් මේ තරගාවලියේ සිටින විශිෂ්ඨතම පන්දු යවන්නා තමන් බව තහවුරු කළ විග්නේෂ්වරන් ආකාශ් ලකුණු 41 ට කඩුලු 3 ක් දවා ගනිමින් කොදෙව් ලකුණු පූවරුවට විශාල බලපෑමක් ඇති කළා.
කොදෙව් කණ්ඩායමේ තරගාවලි ජය සනාත කරමින් ලකුණු 95 ක් රැස් කළ කොදෙව් නායක ජොෂුවා ජොර්නෙ ඡායාරූපයේ දැක්වෙනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකරට වරෙන්තු!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 13 කොළඹ LNW : මාතර ප්‍රධාන මහෙස්ත්‍රාත්...

රාජ්‍ය සේවා වැටුප් ගැන සුබ ආරංචියක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 13 කොළඹ LNW : රාජ්‍ය සේවයේ වැටුප්...

කතරගම දේවාලයේ බස්නායක නිලමේවරයාට එරෙහිව හදිසියේම පරීක්ෂණයක්!

කොළඹ (LNW): ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ...

සූදු නියාමන අධිකාරී පනත ක්‍රියාත්මක වෙන හැටි මෙන්න! (VIDEO)

කොළඹ LNW: සූදු ක්‍රීඩා නියාමන අධිකාරී පනත මගින් සිදුකර...