බැකෝ සමන්ගේ සමීපතමයෙක් T 81 ගිනිඅවියක්, උණ්ඩ 97ක් සමඟ පොලිස් දැලට හසුවෙයි!

Date:

කොළඹ LNW:ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන එන ලද සංවිධානාත්මක අපරාධ මෙහෙයවූවන් අතර සිටි බැකෝ සමන් නැමැත්තාගේ සමීපතමයෙක් T81 ගිනිඅවියක් ද සමඟ පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

බැකෝ සමන් නැමැත්තා මේ වන විට රඳවා ගෙන ප්‍රශ්න කරමින් සිටින අතර ඔහුගේ සමීපතමයා අත්අඩංගුවට පත්ව ඇත්තේ ඇඹිලිපිටිය ගඟේයාය ප්‍රදේශයේදී.

සැකකරු සතුව තිබී උණ්ඩ 97ක්, මැගසින් 2ක් සහ හමුදා නිලඇඳුමක් ද පොලීසිය විසින් සොයාගෙන ඇත.

බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් සිදුකරන ලද විමර්ශනවලදී හෙළි කරගත් තොරතුරුවලට අනුව එම සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිව තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බාල ඖෂධ : ඉන්දියානු හොර ගිවිසුම් ගැන අපි කළ අනතුරු හැඟවීම් අද යතාර්ථයක් වෙලා – පුබුදු ජයගොඩ

සටහන - රුවන් නෙළුගොල්ල Maan Pharmaceuticals Ltd නම් ඉන්දියානු සමාගම...

ඩොනල්ඩ් ට්‍රම්ප් වෙනිසියුලාවට ඇතුළුවන හා ඉන් පිටවන සියලුම තෙල් නවුකා අවහිර කරයි

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු...

පවතින අසාර්ථක හා විකෘති ආපදා කළමනාකරණ වැඩපිළිවෙළ ගැන ජනතාවගේ විශ්වාසය භංගවෙලා – විපක්ෂ නායක සජිත් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල අප රටේ පවතින ආපදා කළමනාකරණ වැඩපිළිවෙළ...

වැසි තත්වයේ වෙනසක් – අද (17) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයේ බලපෑම හේතුවෙන්...