උතුරු කැරොලිනාවේ සැහැල්ලු දුම්රියක යුක්‍රේන තරුණියකට සිදු වූ සාහසික අපරාධයට ට්‍රම්ප්ටත් මළ පනී.

Date:

සටහන – පුලී

සැප්තැම්බර් 13, කොළඹ (LNW): මීට දින කිහිපයකට පෙර උතුරු කැරොලිනාවේ චාලට් හි සැහැල්ලු දුම්රියකදී තරුණියක් දරුණු ලෙස ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරු දැන් ෆෙඩරල් චෝදනාවකට මුහුණ දී සිටින අතර, ඇය ආරක්ෂාව පතා පැමිණි රට තුළ ජාතික ආරක්ෂාව ගැන විශාල පැනයක් සමාජයට යොමුව තිබේ.

රුසියාව සමඟ යුද්ධයෙන් බැට කා ඉන් සහනයක් පතා අයිරිනා සරුට්ස්කා 2022 දී ඇගේ මව, සහෝදරිය සහ සහෝදරයා සමඟ යුක්රේනයෙන් ගොස් එක්සත් ජනපදයෙහි පදිංචිව සිටින්නට විය.

නමුත් අගෝස්තු 22 වන දින රාත්‍රියේ, ඇය ඉක්මනින් නිවසට පැමිණෙන බව පවසමින් ඇගේ පෙම්වතාට කෙටි පණිවිඩයක් යැවූ මොහොතේ සිට, දුම්රියේ ඇගේ පිටුපස වාඩි වී සිටි මිනිසෙක් ඇගේ උගුරට තුන් වතාවක් පිහියෙන් ඇන ඇයගේ ජීවිතය බිලිගත් වේල දක්වා සිදුවීම එක් ඇසිල්ලකින් සිදු වූවකි.

සැකකරු වන 34 හැවිරිදි ඩෙකාර්ලොස් බ්‍රවුන්ට පළමු මට්ටමේ මිනීමැරුම් චෝදනාවක් සහ මහා පරිමාණ පොදු ප්‍රවාහන පද්ධතියක මරණයට හේතු වන ක්‍රියාවක් සිදු කිරීම සම්බන්ධයෙන් ෆෙඩරල් චෝදනාවක් එල්ල වී තිබේ.

ෆෙඩරල් චෝදනාවට අනුව මරණ දඬුවම පැනවීමේ හැකියාව මේ සමඟ පැමිණෙන අතර ඊට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද සිය අප්‍රසාදය ද පළ කර තිබිණි. නඩු පවරන්නන් තවමත් විමර්ශනය කරමින් සිටින බව උතුරු කැරොලිනාවේ බටහිර දිස්ත්‍රික්කය සඳහා වන එක්සත් ජනපද නීතිඥ රස් ෆර්ගියුසන් වැඩිදුරටත් පැවසීය.

“සාමය සහ ආරක්ෂාව පතා ඇමරිකාවට පැමිණි යුක්රේනයේ සිට රූමත් තරුණියක් ඉතා දරුණු ලෙස මරා දැමූ සත්වයාට ‘ඉක්මන්’ නඩු විභාගයක් ලබා දී මරණ දඬුවම පමණක් ලබා දිය යුතුය. වෙනත් විකල්පයක් තිබිය නොහැක!!!” ට්‍රම්ප් මෙසේ සටහනක් නිකුත් කරමින් කියා සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/3D3OJCqM0NQ සටහන – පුලී පෙබරවාරි...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...