ගත්ත විදිහක් කියාගන්න බැරි වූ වත්කම්!

කොළඹ LNW:හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ පුත්‍රයා වන රමිත් රඹුක්වැල්ලට එරෙහිව ඊයේ (12) මහාධිකරණය විසින් අධි චෝදනා ගොනු කරන ලද අතර එහිදී ඔහුගේ වත්කම් පිළිබඳ අනාවරණය වීමක් සිදුවිය.

දුෂණ විරෝධී පනත යටතේ අයථා ලෙස වත්කම් ඉපයීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නඩුව පවරා ඇත්තේ අල්ලස් කොමිසමයි.

කෙහෙළිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේ මාස 21ක කාලයක් තුළ රමිත් රඹුක්වැල්ල රුපියල් කෝටි 27කට අධික වටිනාකමකින් යුත් වත්කම් උපයාගෙන ඇති නමුත් එම වත්කම් උපයාගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වීම හේතුවෙන් ඔහුට එරෙහිව අධිචෝදනා ගොණු කර තිබේ.

රමිත් රඹුක්වැල්ල, කෙහෙළිය රඹුක්වැල්ල සෞඛ්‍ය අමාත්‍යවරයාව කටයුතු කළ සමයේ ඔහුගේ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කරන ලදී. කෙස්වෙතත් රමිත් රඹුක්වැල්ල සිය වත්කම් ලෙස කොළඹ 07 ධර්මපාල මාවතේ පිහිටි සුඛෝපභෝගී නිවාස සංකීර්ණයක රුපියල් කෝටි 8ක් සහ රුපියල් හය කෝටි පනස් ලක්ෂයක් වටිනා නිවාස දෙකක්, රමිත රඹුක්වැල්ලගේ සහ බිරිඳගේ නමින් බැංකු ගිණුම් 08ක්,එක්කෝටි අසූ ලක්ෂයකට අධික වටිනාකමකින් යුත් ඩිස්කවරි ජීප් රථයක් ඇතුළු වත්කම් රැසක් උපයා ගෙන තිබේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...