රුසියානු කසාන් සිනමා උළෙලේ හොඳම නළුවා තිරිමාදුර – කොතලාවල

Date:

පසුගිය 11 වැනිදා රුසියාවේදී පැවති කසාන් මුස්ලිම් සිනමා සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාව නියෝජනය කර ‘ද නිවුස්පේපර්’ සිනමා පටය සම්මානයට පාත්‍ර වී තිබෙනවා. මෙවර සිනමා උළෙල පැවැත්වුනේ 18 වැනි වරටයි.

එහිදී සම්මාන උළෙලේ හොඳම නළුවාට හිමි සම්මානය දිනා ගැනීමට නිවුස්පේපර්හි රඟපෑ කුමාර තිරිමාදුර සහ සරත් කොතලාවල සමත් විය. මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂවරුන් ලෙස කටයුතු කරන්නේද ඔවුන් දෙදෙනායි.

අමාත්‍ය බන්දුල ගුණවර්ධන, රවීන්ද්‍ර ගුරුගේ සහ ඩබ්. ප්‍රේමසිරි සම නිෂ්පාදනයක් ලෙස ‘ද නිවුස්පේපර්’ නිර්මාණය කෙරිණි.

අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සම්මාන උළෙල සඳහා සහභාගි වූ අතර ඒ අනුව හොඳම නළුවාට හිමි සම්මානය කුමාර තිරිමාදුර සහ සරත් කොතලාවල වෙනුවෙන් බන්දුල ගුණවර්ධන මහතා ලබාගෙන තිබේ.

මීට පෙරද මෙම සිනමා පටය විදේශ සිනමා උළෙල කිහිපයකදී ඇගයීමට පාත්‍ර විය.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...

සමාජ මාධ්‍යවලින් දරුවන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් එයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සමාජ මාධ්‍ය වේදිකා හරහා ළමුන්ට වන හානියෙන්...

මූල්‍ය වංචා සහ සූදු ජාවාරම් මෙහෙයවූ පුද්ගලයින් සිව්දෙනෙකුට චීනය විසින් මරණ දඬුවම ක්‍රියාත්මක කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මියන්මාරය කේන්ද්‍ර කරගනිමින්...

මහජන අවශ්‍යතා මත චීන ණය ගිවිසුම ප්‍රසිද්ධ කරන ලෙස RTIC නියෝග කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, කොළඹ LNW : ශ්‍රී ලංකා රජය...