බොරතෙල් ගෙන්වීමෙන් දේශපාලනඥයෙක් සුපිරි ගැහිල්ලක !

Date:

රටේ පවතින විදේශ විනිමය හිඟය නිසා ඉන්ධන ගෙන්වීම සීමා කර තිබීම හේතුවෙන් ජනතාව දැඩි දුෂ්කරතාවන්ට මුහුණ පා සිටියදී තෙල් ජාවාරමට සම්බන්ධ පිරිස් මහා පරිමාණයෙන් දූෂිත ගනුදෙනු කරමින් සිටින බව වාර්තා වේ.

ඒ අනුව පසුගියදා මෙරටට බොරතෙල් නැව් දෙකක් ගෙන්වා ඇති අතර සපුගස්කන්ද තෙල් පිරිපහදුව සඳහා යොදා ගන්නේ “ලයිට්” වර්ගයේ බොරතෙල් වන නමුත් ඔවුන් ගෙන්වා ඇත්තේ “හෙවි” වර්ගයේ බොරතෙල් බව අනාවරණය වී තිබේ. මේ වනවිට එම බොරතෙල් නැව් දෙක සඳහා ගෙවීම් කටයුතුත් සිදුකර අවසන් බව සඳහන්.

මෙම “හෙවි” වර්ගයේ බොරතෙල් සපුගස්කන්ද පිරිපහදුවෙන් පිරිපහදු කිරීමේදී ලබාගත හැක්කේ ඩීසල් සහ තාර පමණක් වන අතර එය බරපතළ ලෙස පාඩුදායක වේ.

මෙම ගනුදෙනුවට ප්‍රබල දේශපාලකයකුගේ මැදිහත්වීම ද ඇති බවත් වාර්තා විය.

සිද්ධිය අනාවරණය වීමෙන් අනතුරුව එම බොරතෙල් ගෙන්වූ පාර්ශ්වය ප්‍රකාශ කර ඇත්තේ එහි වර්ගය වෙනස් නම් තත්ව පරීක්ෂාවෙන් අනුමත කළේ ඇයිද කියා ය. ඒ අනුව මෙම බොරතෙල් තොගයේ තත්ව පරීක්ෂණය සිදුකළ නිලධාරීන් ඉදිරියේදී අමාරුවේ වැටීමට නියමිත බව ආරංචිමාර්ග ප්‍රකාශ කළේය.

එමෙන්ම මෙම බොරතෙල් බැරලයක් රුසියාවෙන් ඇමරිකානු ඩොලර් 30 බැගින් ලබාගෙන මෙරටට විකුණා ඇත්තේ ඇමරිකානු ඩොලර් 95 බැගින් බවත්, ඒ අනුව එක් බැරලයකින් ඩොලර් 60 බැගින් ලාභයක් අදාළ දේශපාලනඥයා සහ ඉන්ධන සැපයූ සමාගම උපයාගෙන ඇති බවත් සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝකය විනිශ්චය කරන්න යන ‘රාජා‘

නිශ්මං රණසිංහ පෙබරවාරි 04, කොළඹ LNW: රවින්ද්‍ර විමලසිරි මෙවර ලෝක...

පැනමා ඇලේ ප්‍රශ්නය රාජ්‍යතාන්ත්‍රික අර්බුදයක් කරා…

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පැනමා ඇල මාර්ගයේ...

සූර්ය බලශක්තියෙන් රජය කරන්න යන අලුත් වැඩේ!

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, කොළඹ LNW : බලශක්ති අමාත්‍යංශය ඔවුන්ගේ...

USS ඒබ්‍රහම් ලින්කන් යුද නෞකාවට ළඟා වූ ඉරාන ඩ්‍රෝන යානයක් වෙඩි තබා බිම හෙලූ බව ඇමරිකාව කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 04, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): USS ඒබ්‍රහම් ලින්කන්...