ලෝක බැංකු ආධාර ගසාකෑමේ චෝදනාව ලිට්රෝ සභාපති ප්‍රතික්ෂේප කරයි

Date:

පසුගිය මාස කිහිපය පුරා මෙරට ජනතාව මුහුණ දුන් ගෑස් හිගයට පිළියම් ලෙස ලෝක බැංකුව මගින් ලබාදුන් ආධාර මුදල් වංචා කර ඇති බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බව ලිට්රෝ ලංකා ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා ප්‍රකාශ කරනවා. විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

ලෝක බැංකුව වැනි මුල්‍ය සංවිධානයකින් ලබාදෙන ණය හෝ ආධාර මුදල් සම්බන්ධයෙන් ඔවුන් දැඩිලෙස පසුවිපරම් සිදු කරන බව සභාපතිවරයා ප්‍රකාශ කරනවා. මීට දින කිහිපයකට ඉහතදීද ලෝක බංකුවේ නියෝජිත පිරිසක් ලිට්රෝ සමාගම වෙත පැමිණි ඔවුන් විසින් ලබාදුන් අරමුදල් වියදම් වන ආකාරය පිළිබඳව විමර්ශනය කළ බවත්, ඉදිරියටද එවැනි නිරීක්ෂණ සිදුවන බවත් පෙන්වා දෙන සභාපතිවරයා එසේ තිබියදී වංචා සිදුවන්නේ කෙසේදැයි ප්‍රශ්න කරනවා.

ලෝක බැංකුවේ සහයෝගය ලබාගෙන මාසයක් වැනි කෙටි කාලයක් තුළ රටතුළ පැවති දැවැන්ත ගෑස් අර්බුදය නිමාවට පත් කිරීමට සමත් වූ බවත්, මේ වනවිට රටේ කිසිදු තැනක ගෑස් හිගයක් දක්නට නොලැබෙන බවත් සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකශ කරනවා.

ගෑස් ආනයනයේදී වංචාවක් සිදුව ඇති බවට විපක්ෂය පසුගිය දිනවලදී දැඩිලෙස ප්‍රකාශ කළ අතර, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී, කෝප් කමිටුවේ හිටපු සභාපති, මහාචාර්ය චරිත හේරත් මහතාද පසුගියදා මහනුවරදී ප්‍රකාශ කළේ ගෑස් ආනයනයේදී රුපියල් මිලියන 1300 ක වංචාවක් සිදුව ඇති බවයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සෑම අතින්ම පිරිසිදු රටක් බිහි කිරීමේ කාරණය යථාර්තයක් කරනවා – ජනපති : 2026 අයවැය

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW : මුදල් අමාත්‍යවරයා ලෙස...

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ රාජ්‍ය ආයතනවලට අලුතින් වාහන මිලදී ගැනීමට රුපියල් මිලියන 12500ක් !

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ධුර කාලය අවසානයේ නැවත භාරදීමේ පදනම...

අතේ ඇති දෙයින් හිතේ හැටියට ගත් ඡායාරූපයකටත් සම්මාන!

සටහන – පුලී නොවැම්බර් 07, කොළඹ (LNW): මැජික් ලෝකයක් නිර්මාණය...

දියවඩන නිලමේ ධුරය නැවතත් ප්‍රදීප් නිලංග දෑලට !

සටහන - රුවන් නෙළුගොල්ල මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන...