ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍රගේ පියා අභාවප්‍රාප්ත වෙයි

Date:

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, විශ්‍රාමික හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ආදරණීය පියාණන් වූ එල්.එච්. ක්‍රිසි සිල්වා මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට ඔහු 93 හැවිරිදි වියේ පසුවිය.

ක්‍රිසි සිල්වා මහතා වර්ෂ 1989 සිට 1993 දක්වා වූ කාලය තුළ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ අතර හෙතෙම ඊට ප්‍රථම ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ප්‍රාදේශීය සභාපතිවරයෙකු වශයෙන්ද සේවය කර ඇත.

අභාවප්‍රාප්ත සුමනා සිල්වා මහත්මියගේ ආදරණීය ස්වාමිපුරුෂයා වන ක්‍රිසි සිල්වා මහතා, වත්මන් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී හා හිටපු යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, වර්ධන බැංකුවේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී ලක්‍ෂ්මන් සිල්වා, ගුවන් හමුදාවේ එයාර් වයිස් මාර්ෂල් අජන්ත සිල්වා (විශ්‍රාමික) සහ බැංකු කළමණාකාරිනී නෙරංජනී සිල්වාගේ ආදරණීය පියාණන් වේ.

කලක් රෝගාතුරව සිටි ඔහුගේ සුවදුක් විමසමින් ඔහු රැක බලා ගැනීමට ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ඉමහත් කැපවීමකින් කටයුතු කර තිබිණ.

අභාවප්‍රාප්ත එල්.එච්. ක්‍රිසි සිල්වා මහතාගේ දේහය මේවනවිට මාතලේ, රාහුල මාවතේ අංක 10 දරන නිවසේ තැන්පත් කර තිබේ. අවමංගල්‍ය කටයුතු 15 බ්‍රස්පතින්දා සවස 4.30 ට මාතලේ පොදු සුසාන භුමියේදී සිදුකිරීමට නියමිතය.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සේවය නිමකර නිවස බලා පැමිණෙමින් සිටි පොලිස් නිලධාරියාට පහර දුන්නේ කවුද?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, කොළඹ LNW : ඊයේ රාත්‍රියේදී (20)...

මාර්ගගත ළමා අපයෝජන වැළැක්වීම සඳහා නීතිමය පද්ධතිය: දඬුවම්, වැළැක්වීම සහ අන්තර්ජාල සේවා සැපයුම්කරුවන්ගේ වගකීම

මාර්ගගත ළමා අපයෝජන වැළැක්වීම සඳහා නීතිමය පද්ධතිය: දඬුවම්, වැළැක්වීම සහ අන්තර්ජාල සේවා සැපයුම්කරුවන්ගේ වගකීම