*
Tuesday, September 24, 2024
spot_img

Latest Posts

ගෝඨාභයට වැරදුණු තැන් හදන්න රනිල්ගෙන් කමිටු පිට කමිටු

ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය සහතික කිරීම සඳහා ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන කේන්ද්‍ර සවිබල ගැන්වීමේ බහු ආංශික ඒකාබද්ධ යාන්ත්‍රණයක් ආරම්භ කර තිබෙනවා. සමාරම්භක අවස්ථාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මතුවිය හැකි ඕනෑම අර්බුදකාරී අවස්ථාවක වුවද, ජනතාවට සෞඛ්‍ය සම්පන්න ආහාර ලබා ගැනීමට හැකි සමාජ ආර්ථික පරිසරයක් තහවුරු කිරීම මෙමගින් අපේක්ෂා කරන අතර “කිසිදු පුරවැසියෙක් ආහාර නොමැතිකම නිසා කුසගින්නේ නොතැබිය යුතුය” සහ “කිසිදු දරුවෙක් මන්ද පෝෂණ තත්ත්වයට ගොදුරු නොවිය යුතුය” යන්න මෙම යාන්ත්‍රණය පිහිටුවීමෙහිලා ජනාධිපතිවරයාගේ අපේක්ෂාව වී තිබේ.

මෙම යාන්ත්‍රණය කමිටුව 07 ක් යටතේ ක්‍රියාත්මක වේ. ඉහළම ඒකකය වන ජාතික ආහාර සුරක්ෂිත හා පෝෂණ සභාව ජනාධිපතිවරයාගේ සභාපතිත්වයෙන් ක්‍රියාත්මක වන අතර ආහාර සුරක්ෂිතාව හා පෝෂණය පිළිබඳ ජාතික ඒකාබද්ධ යාන්ත්‍රණය ජනාධිපති ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙනුත් ආහාර සුරක්ෂිතතාව හා තාක්ෂණික උපදේශක කමිටුව අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙනුත් ක්‍රියාත්මකය.

මීට අමතරව මෙම යාන්ත්‍රණය ගම් මට්ටම දක්වා ව්‍යාප්ත කිරීමට තවත් ඒකක කිහිපයක් පිහිටුවා තිබෙනවා. පළාත් ආණ්ඩුකාරවරුන්ගේ ප්‍රධානත්යෙන් ආහාර සුරක්ෂිතතාව හා පෝෂණය පිළිබඳ පළාත් යාන්ත්‍රණය ක්‍රියාත්මක වන අතර දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ආහාර සුරක්ෂිතතාව හා පෝෂණය පිළිබඳ දිස්ත්‍රික් ඒකාබද්ධ යාන්ත්‍රණය ක්‍රියාත්මක වේ.

ආහාර සුරක්ෂිතතාව හා පෝෂණය පිළිබඳ ප්‍රාදේශීය ඒකාබද්ධ යාන්ත්‍රණය ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සභාපතිත්වයෙන් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ග්‍රාම නිලධාරී වසම් 14,022 ක් තුළ ග්‍රාම නිලධාරී, සංවර්ධන නිලධාරී, කෘෂිකර්ම පරීක්ෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරී, සමෘද්ධි නියාමක, පවුල් සෞඛ්‍ය සේවිකා, ළඟම පාසලේ විදුහල්පති සහ පළාත් පාලන ආයතනයේ නියෝජිතයින් දෙදෙනෙකුගෙන් සමන්විත ආර්ථික පුනර්ජීවන හා ආහාර සුරක්ෂිතතා කමිටු පිහිටුවා එමගින් ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් ආර්ථික පුනර්ජීවයක් ඇති කොට දරිද්‍රතාව පිටුදැකීම, මන්දපෝෂණයෙන් දරුවන් මුදා ගැනීම, ප්‍රදේශයේ ආහාර සුරක්ෂිතතාව මෙන්ම ජීවන තත්ත්වය ඉහළ නංවා ගැනීමට මෙම යාන්ත්‍රණයෙන් කටයුතු කෙරේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත, ජාතික ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ජනාධිපති උපදේශක ආචාර්ය සුරේන් බටගොඩ මහතාගේ මගපෙන්වීමෙන් ක්‍රියාත්මක මෙම වැඩසටහනට අග්‍රාමාත්‍යවරයා සහ ජනාධිපති ලේකම්වරයාගේ සිට ග්‍රාම නිලධාරී මට්ටම දක්වා සමස්ත රාජ්‍ය යාන්ත්‍රණයත්, පෞද්ගලික අංශය, රාජ්‍ය නොවන සංවිධාන, වෘත්තිකයන්, ආගමික නායකයන් සම්බන්ධ කර ගෙන තිබේ.

රටට අවශ්‍ය සමස්ත සහල් අවශතාවය මෙට්‍රික් ටොන් දසලක්ෂ 3.6 ක් නිෂ්පාදනය කිරීම, වාර්ෂික ලොකු ලූනු අවශ්‍යතාවයෙන් 50% ක් රට තුළම නිපදවීම, අර්තාපල් අවශ්‍යතාවයෙන් 35% ක් දේශීයව නිෂ්පාදනය කිරීම මෙමගින් සැලසුම් කර ඇත.

වාර්ෂික සෝයා අවශ්‍යතාව වන මෙට්‍රික් ටොන් 250,000 න් 20% ක් 2025 වසර වනවිට මෙරටදී නිෂ්පාදනය කිරීමට සැලසුම් කිරීම, වියලි මිරිස් අවශ්‍යතාවයෙන් 20% ක් 2025 වනවිට දේශීයව නිෂ්පාදනය කිරීම, 2025 වනවිට කුරක්කන්, මුං ඇට, කව්පි, තල හා රටකජු සම්පූර්ණ අවශ්‍යතාවය දේශීයව නිෂ්පාදනය කිරීම මෙමගින් අපේක්ෂා කෙරේ.

බිත්තර හා කුකුළු මස් වැනි පශු සම්පත් සංවර්ධනයට වාර්ෂික අවශ්‍ය වන බඩ ඉරිඟු මෙට්‍රික් ටොන් 650,000 න් 80%ක් මේ වසර තුළ නිෂ්පාදනය කිරීමට සැලසුම් කර ඇත. 2025 වනවිට ශ්‍රී ලංකාවට අවශ්‍ය වන සමස්ත බඩ ඉරිඟු ප්‍රමාණය දේශීයව වගා කිරීමට බලාපොරොත්තු වේ.

මහ කන්නයේ වි සහ බඩ ඉරිඟු නිෂ්පාදනය කිරිම සඳහා අවශ්‍ය යූරියා මෙට්‍රික් ටොන් 230,000 ක්, TSP මෙට්‍රික් ටොන් ලක්ෂයක් සහ MOP මෙට්‍රික් ටොන් 182,000 ක් ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව හා ඉන්දියානු ණය ක්‍රමය යටතේ ආනයනය කිරීමටත් අනෙකුත් ආහාර භෝග නිෂ්පාදනයට අවශ්‍ය පොහොර පෞද්ගලික අංශයේ දායකත්වයෙන් ආනයනය කිරීමටත් මේ වනවිට කඩිනම් පියවර ගෙන තිබේ.

කෘෂි රසායනික හා කාබනික පොහොර හිගයකින් තොරව වෙළඳපොළෙන් මිලදී ගැනීමට පහසුකම් සපයා දීමට නියමිතය අතර යූරියා කිලෝ ග්‍රෑම් 50 ක මිටියක් දැනට පවතින වෙළඳපොළ මිලට වඩා අඩු සාධාරණ මිලකට ලබාදීමට සැලසුම් කර ඇත.

2022 මහ කන්නය සාර්ථක කර ගැනීමට අවශ්‍ය රසායනික පොහොර, කාබනික පොහොර, කෘෂි රසායනික ද්‍රව්‍ය හා බීජ නිසිකලට වෙළඳපොළ හරහා ගොවීන්ට සැපයීමේ යාන්ත්‍රණය මේ වනවිටත් රජය ආරම්භ කර තිබේ.

කෘෂිකාර්මික හා පශු සම්පත් අංශයේ නිෂ්පාදන 2018 වර්ෂයේ නිෂ්පාදන මට්ටමට ගෙන ඒමට සැලසුම් කර ඇති අතර ඊට අවශ්‍ය බීජ, රසායනික ද්‍රව්‍ය, රසායනික පොහොර, සත්ව ආහාර හා ඉන්ධන ඇතුළු කෘෂිකාර්මික යෙදවුම් ප්‍රමාණවත් පරිදි ලබාදීම සිදු කෙරේ.

මෙම නිෂ්පාදන ඉලක්ක ළඟා කර ගැනීම සඳහා නූතන දියුණු වාරි ක්‍රම හා තාක්ෂණය භාවිත කිරීමට සැලසුම් කර ඇත.

පොහොර යෙදීම සඳහා රජයේ සංකල්පය ප්‍රචලිත කිරීමට සැලසුම් කර ඇති අතර එමගින් නිෂ්පාදන ඵලදායිතාව වර්ධනය කර ගැනීමට බලාපොරොත්තු වේ.

අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, කෘෂිකර්ම හා වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ජාතික ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ජනාධිපති උපදේශක ආචාර්ය සුරේන් බටගොඩ යන මහත්වරු සහ ආණ්ඩුකාරවරු, අමාත්‍යාංශ ලේකම්වරු, දිස්ත්‍රික් ලේකම්වරු, පළාත් ප්‍රධාන ලේකම්වරු, බැංකු හා සංස්ථා සභාපතිවරු ඇතුළු රාජ්‍ය නිලධාරීහු මෙම සමාරම්භක අවස්ථාවට එක්ව සිටියහ.

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan