ආසියානු ශූරයන් උනේ නාමල් ඇමතිතුමා නිසයි – මධුර විතානගේ

Date:

එකවර ක්‍රීඩා දෙකකින්ම ආසියාවේ ශූරයන් බවට පත්වීමට හැකිවූයේ නාමල් රාජපක්ෂ මහතා ක්‍රීඩා ඇමතිවරයා ලෙස මෙරට ක්‍රීඩාවට සිදුකළ මෙහෙවර නිසා බව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා පවසනවා.

නාමල් රාජපක්ෂ මහතා ක්‍රීඩා ඇමතිවරයා ලෙස, ක්‍රීඩා සංගම්වලට ස්වාධීනව කටයුතු කිරීමට අවස්ථාව ලබාදුන් බවත් දේශපාලන ඇඟිලි ගැසීම් සිදු නොකළ බවත් මන්ත්‍රීවරයා පවසනවා. ක්‍රීඩකයෙකු ලෙස ඔහුට ක්‍රීඩා ක්ෂේත්‍රය පිළිබඳව මනා දැනුමක් හා පළපුරුද්දක් තිබෙන බවයි මධුර විතානගේ මහතා වැඩිදුරටත් පවසන්නේ.

ශ්‍රී ලංකා කණ්ඩායමට අලුතින් එකතු වූ වේගපන්දු යවන්නන් දෙදෙනාටද ක්‍රීඩා සමාජ සොයා දී ජාතික කණ්ඩායම නියෝජනය කරන තත්වයට පැමිණීමට සහාය ලබාදුන්නේද නාමල් රාජපක්ෂ මහතා බව මන්ත්‍රීවරයා පවසනවා.

එවැනි දක්ෂ දේශපාලනඥයෙකුට යළිත් ඇමති ධුරයක් ලබාදීම සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නොමැති බවත් ඔහුට ඇමති ධුරයක් දරමින් රට වෙනුවෙන් තවදුරටත් සේවය කිරීමට අවස්ථාව ලැබිය යුතු බවත් මධුර විතානගේ මහතා සඳහන් කරනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා ක්‍රිකට් විශ්ව විද්‍යාලයට යයි

නිශ්මං රණසිංහ ජූලි 04, කොළඹ LNW: රාජ්‍ය විශ්වවිද්‍යාලය 16 ට...

අධිකරණ නියෝග මත ඉන්දියාවෙන් පිටුවහල් කළ සැකකරුවන් තිදෙනෙකු යළි මෙරටට !

රෂිකා හෙන්නායක ජූනි 04, කොළඹ LNW : මෙරට අධිකරණවලින් ඇප...

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...