දශක තුනකට පසු අජිත්–විජේ උණුසුම් හමුවක්; Silverstone පිටියේදී “Thala” සහ “Thalapathy” එකම වේදිකාවේ!

සටහන – පුලී

සැප්තැම්බර් 13, LNW (කොළඹ): දකුණු ඉන්දීය සිනමා ලෝලීන්ගේ දැඩි අවධානයක් දිනාගනිමින්, දමිළ සිනමාවේ දැවැන්ත තරු දෙකක් වන අජිත් කුමාර් සහ තලපති විජේ වසර ගණනාවකට පසු එක්ව ප්‍රසිද්ධියේ හමුවී තිබේ.

එංගලන්තයේ Northampton හි Silverstone ධාවන පථයේදී ඉකුත් සෙනසුරාදා (සැප්තැම්බර් 12) මෙම සුවිශේෂී හමුව සිදුවූයේ Michelin Le Mans Cup තරගාවලිය අතරතුරයි.

මෝටර් රථ ධාවන තරගයට සහභාගී වීමට සූදානමින් සිටි අජිත්, ධාවන ඇඳුමින් සැරසී සිටි අතර, විජේ සිය ජාත්‍යන්තර සංචාරයේ කොටසක් ලෙස එම ස්ථානයට පැමිණ තිබුණේ තරගය ආරම්භ කිරීමටයි.

දෙදෙනා හමුවූ අවස්ථාවේදී රසිකයන්ට ආචාර කිරීමෙන් අනතුරුව උණුසුම් වැළඳගැනීමක් සිදු කළ අතර, එම මොහොත කැමරා රැසක සටහන් විය. විජේ, අජිත් වෙත සතුටින් දුවගෙන පැමිණ වැළඳගත් ආකාරයත් විශේෂයෙන් රසිකයන්ගේ අවධානයට ලක්ව තිබිණි.

ඔවුන් දෙදෙනා පැමිණි අවස්ථාවේ Silverstone පරිශ්‍රය පුරා “Thala” සහ “Thalapathy” යන රසික හඬින් උණුසුම් වී තිබිණි.

අජිත් සහ විජේ වසර 34ක පමණ කාලයක් සිනමා ක්ෂේත්‍රයේ සගයන් වුවද, දෙදෙනා එකම ප්‍රසිද්ධ වේදිකාවක දීර්ඝ කාලයකින් දක්නට නොලැබීම හේතුවෙන් මෙම හමුව රසිකයන් අතර විශාල උද්යෝගයක් ඇති කරන්නට විය.

දශක දෙකකට වැඩි කාලයක් දෙමළ සිනමාවේ ප්‍රබලතම තරු දෙකක් ලෙසත්, රසික පදනම් අතර දැඩි තරගයක් පවතින තරු දෙකක් ලෙසත් අජිත් සහ විජේ මෙහිදී කැපී පෙනෙනට වීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ටෝකියෝ හිදී රිද්මය සොයාගත් Leylah Fernandez පෑන් පැසිෆික් ඕපන් අවසන් සටනට…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ක්‍රීඩා පිටියේදී එල්ල...

TIN අංකය අනිවාර්ය කිරීමේ නව නීති

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ දේශීය...

දත්ත අවියක් කර ගැනීම : මැතිවරණවල නීත්‍යානුකූලභාවය නැති කිරීමට ව්‍යාජ දත්ත භාවිත වන ආකාරය!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : නූතන ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය...

තුන්කොන් සටනේ අවසන් මහා තරගය: පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අද තරඟ බිමට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ඉංගලන්තය, පාකිස්තානය සහ...