ආබාධිත ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට සහනයක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): දශක තුනක් පුරා පැවති යුද්ධය හේතුවෙන් ආබාධිත තත්ත්වයට පත්වූ ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට සහ ඔවුන්ගේ වැන්දඹු බිරින්දෑවරුන්ට ඔවුන්ගේ ජීවිතාන්තය දක්වා හිමි දීමනා ලබාදීමට තීරණය කර ඇති බවත්, අදාළ හමුදා සාමාජිකයා වයස 55ට පෙර අබාධිත තත්ත්වයේ සෘජු ප්‍රථිඵලයක් ලෙස මියගිය බවට වෛද්‍ය මණ්ඩලයක් විසින් තහවුරු කරන්නේ නම් ඔහුට හිමි වැටුප් හා දීමනා වැන්දඹුව වෙත හිමි වන බවත් ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.

එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ තවදුරටත් සඳහන් වන්නේ, එලෙස තහවුරු කළ නොහැකි පිරිස් සඳහා සියලු දිමනා හිමි නොවන අතර වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප පමණක් හිමි වන බවයි.

මෙම තත්ත්වය හේතුවෙන් දුෂ්කරතාවට පත්ව සිටින වැන්දඹුවන් ඉදිරිපත් කළ ඉල්ලිම් සලකා බලා ඔවුන් වෙත සහන සැලසීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගැනීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසන අතර එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, ඇතැම් පාර්ශව විසින් මෙම දීමනා ලබා ගැනීම සම්බන්ධයෙන් ආබාධිත හමුදා සාමාජිකයින් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් තුළ ව්‍යාකූල තත්ත්වයක් ඇති කිරීමට උත්සාහ කරන අවස්ථා පිළිබඳ නිරීක්ෂණ වී ඇති බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හදිසියේ රාජිත ලෙඩවෙයි: හේතු කියන්න නීතිඥවරයෙක් අල්ලස් කොමිසමට!

රෂිකා හෙන්නායක ජූනි 02, කොළඹ LNW :  අද(2) දින හිටපු ධීවර...

චූදිතයින් කලබල වුණාට අපිට කරන්න දෙයක් නැහැ. ශානි වගේ නිලධාරීන්ව අපි රකිනවා!

කොළඹ LNW:ශානි අබේසේකර මහතා නැවත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ...

අර්ච්චුනාගේ මන්ත්‍රී ධුරයට එරෙහි පෙත්සම විභාගයට ගැනීමට අවසර

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනාගේ මන්ත්‍රී ධුරය බලරහිත...

රත්නපුර ගැන සුගත්ගේ අවධානය

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: රත්නපුර දිස්ත්‍රික්කයෙහි යෝජිත පළාත්...