Friday, September 22, 2023
spot_img

Latest Posts

භයානක මිනිහා

මේ දවස්වල එක් දිගට මුහුණු පොතේ ඉන්න විදේශිකයෝ ලංකාවෙ ඉන්න භයානක මිනිහෙක් ගැන තොරතුරු අහනවා.
එයාල නැගිටිනවලු නේද?
එහෙම අහන අය අතර ඉන්න ලෝකයේ දියුණුම රටවල මිනිස්සු තමන්ගෙ ආණුඩවලට පළු යන්න බනිනවා.
මෙච්චර පුංචි රටකට බය වෙලා ඉන්නෙ නැතුව ඔච්චර භයානක මිනිස්සුත් ඉන්න රටට මිසයිල දෙකක් තුනක් ගහන්නෙ නැහැනෙ කියලා.
එතකොට ඉතිං චැට් කරන්නවත් කෙනෙක් නැහැනෙ මෙහෙ.මාත් මැරෙයි.

මම එහෙම කිව්වෙ ලස්සන සුන්දර කතකට.
කරන්න දෙයක් නැහැ.බල්ලොත් එක්ක නිදා ගත්තම වෙන්නෙ මැක්කොත් එක්ක නැගිටින්න.
මේකි කියලා දැම්මෙ කිසිම අනුකම්පාවක් නැතුව.
තව එකෙක් කතා කරලා බැනගෙන බැනගෙන ගියේ තමන්ගේ රටේ,ඒ කියන්නෙ ඇමරිකාවෙ අජඨාකාශගාමීන්ගේ ආයතනවලට.
මුංට බැහැනෙ අපිව වෙන ග්‍රහලෝකයකට අරගෙන යන්න.
මේ සංවාදවල හැඩේට ඉතිං ලංකාවෙ යක්ඛ පුත්තු ගැන මාර සංවාදයක් ලෝකෙ යන්නෙ.ඇත්තටම දැන මට සැකයි මේ මනුස්සයා කවුද කියලා.එච්චර බයවෙන්න හිතෙන.

එක පාරටම හිතට ආව දෙන්නම උඩු රැවුල තියලා මේ රට ටක්කෙටම හදනවා කියලා අල්ලපු ගෙදර එකාටත් පිහියෙන් අනින මට්ටමේ පාක්ෂිකයෝ නිර්මාණය කරපු අයිය මලෝ ඩබල.
මං මේක දුව එක්ක කිව්වම එයා කිව්වෙ “උන්ගෙ ඇති දරුණුවක් නැහැ.මිනිස්සුන්ගේ මෝඩකම” කියලා.
ඒකත් ඇත්ත.කැළණියේ නයා ප්ලාස්ටික් බෝතලේක බැහැලා නාග ලෝකෙ ඉදලා ආව කිව්වත් විශ්වාස කරන මිනිස්සු මරිය තුමියගේ පිළිමේ ඇඩුව කිව්වමත් පිළිගන්නවා.ඒ කියන්නෙ පිළිමවලට වැඩිය මිනිස්සුන්ගෙ ඔළුවෙ මැටි තියෙනවා.

“මැටි තියෙන එකනම් හොඳයි.ඕනි දෙයක් අඹාගන්න පුළුවන්නෙ.ඒත් ඉතිං මුං අඹාගන්නෙම ගොන් විදිහෙ දේවල්නෙ.”
කෙල්ල හොඳටම දරුණු වෙලා.
ඔවට ඉතිං කෑගහගෙන ගිහිං ගොන්නු ඇන්නම තමයි තේරෙන්නෙ.ගොනා ගොනා කියලා තේරුම් ගන්නෙ නැතුව උට ග්‍රීක් උගන්නන්න යනනෙ නැතුව ඉන්නවද?
ඒ අනතුරු ඇඟවීම බිරිඳගෙන් අපි දෙන්නටම.

ඒකෙත් යම්කිසි ඇත්තක් තියෙනවා.ලෝකයේ දියුණුම කාර්මික හා විද්‍යා නිර්මාණ ගැන කියා දුන්න ගුරුවරයෙක්ගෙන් ළමෙක් අහලා තියෙනවා ඒ රටකට ගිහිං ඉගෙන ගන්න හැටි.එතකොට තව ළමයි ටිකක් පිළිකුලෙන් ඒ ළමයා දිහා බලා ඉන්නවා දැකලා අහලා ඇයි මේ අමුතු විදිහට එයා දිහා බලන්නෙ කියලා.
“මෙයාට හිරිකිත නැද්ද මන්ද ස්ර්,ඒ රටවල උන් බොග දාලා පිහදාන්නෙ ටිෂූවලින්” කියලා.
ඒකත් ඇත්ත තමයි.හරියට කන්න නැති වුණත් ඉතිං රීලා පිළිවෙලට හෝද ගත්තම මැදෑ කියලයි මට හිතෙන්නෙ.
ටිෂු කොලේ අවුලෙන් අයින් වෙන්න බැරි එව්වො හඳ වගේ දුර තැනකට යවන්නෙ කොහොමද කියලයි ඒ ගුරුවරයානම් කිව්වෙ.
ඒත් ඉතිං මට අර දරුණු පුද්ගලයා ගැන දැනගන්න බැරි වුණා.බැරිම තැන මං හැඩහුරුකම් කියලා ඇහැව්වා.
රුවුල තියෙන දෙන්නෙක් නේද කියලා.
නැහැ ෆුල් සේව් මනුස්සෙක්.

ඒ පැත්තෙන් අහන අහන අහන එකා කිව්වෙ ඔය උත්තරය.
අප්පට සිරි සීඅයිඒ හරි මොකක් හරි සංවිධානයක් එහෙනම් ඔත්තුකාරයො දාලා මිස්ටර් ක්ලීන් ගැන හොයලා වගේ.
මේ යකා පෝලිම් ටික නැති කෙරුව වැළලෙන්න හදන මිනිස්සුවත් දන්නෙ නැතුව ලෝකයටම භයානක මනුස්සෙක් වෙලා නේද කියලා හිතද්දි පුංචි සතුටකුත් ආවා.කොච්චර වුණත් ඉතිං ලංකාවෙනෙ.
නම පටන් ගන්නෙ ආර් වලින් ද
මම අහලා ඇරියා.

ඒකට උත්තරයක් එන්න ටිකක් වෙලා ගියා.
ඔයාලගේ මහා භාෂාවෙන් මුහුදට කියන නම තියෙන්නෙ මුහුද නෙමෙයි.
මට එතකොටම ඔළුවට ආවෙ සිඳු ටෙලි නාට්‍යය.ඒකෙත් ඉතිං ලෝකෙට ගහන මට්ටමෙන් කියන කතා තියෙනවනෙ.ඒත පස්සෙ තමයි මතක් වුණේ සාගරය කියලත් කියනවා කියලා.

ඊට පස්සෙ ඔන්න දැඩිව මහන්සි වෙලා මනුස්සය කෙදිරිගාන වීඩියෝ ටිකක් හොයාගෙන බැලුවා.
අම්මප මූ කියනවනෙ.ලෝකෙම බයවෙලා කියලා.

ඒක ඇහැව්වම තනියම හිනා ගියා.පහසු හිනාවක් නෙමෙයි.නවත්තගන්න බැරි වුණා.වටේ පිටේ මිනිස්සුත් ආවා.මිනිස්සු බයවෙලා අහනවා මොකක්ද කියලා.මට කතා කරගන්න බැරි වුණා.මං වීඩියෝ එක පෙන්නුවා.මිනිස්සුත් හිනා වෙන්න ගත්තා.ඊට පස්සෙ ගමෙන් අල්ලපු ගමට,එතනින් තවත් ගමකට.ගම් හතක් විතර එකතු වෙද්දි මට මතක් වෙන්න ගත්තා. කියන කියන විදිහට කියන නටන මේ වගෙ රූකඩයක් ඕනිම ආකාරයකින් මෙහෙයවන්න පුළුවන්.එහෙම එකේ මොකෙක් හරි මූව අගමැති කරලා පැනලා ගියොත් හරි මැරුනොත් හරි රටට වෙන්නෙ මොකද්ද කියලා හිතුණම හිනාව එහෙම්ම නැති වුණා.ගම් හතටම ඒ කතාව ගියා.දැන් කවුරුත් හිනා වෙන්නෙ නැහැ.
ඇත්තටම හිනාවේවී ඉදාල හරියන්නෙ නැහැ.මේ වගෙ කොන්දක් නැති හිමිජ්ජො හරි භයානකයි.උන්ව පාවිච්චි කරලා රටට නෙමෙයි ලෝකෙටම වුණත් කෙළින්න පුළුවන්.

ද ක්ලීනර්

Latest Posts

spot_img

තීරු ලිපි

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.