වර්ජනය කරන දුම්රිය රියදුරන්ට ආරාධනාවක් නැහැ – අගමැති සාකච්ජා කරන්නේ කවුරු එක්කද?

Date:

කොළඹ LNW:ක්‍රියාත්මක දුම්රිය වැඩවර්ජනය සහ ඊට විසඳුම් ලබා දීම සඳහා අද (13) පස්වරුවේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධාත්වයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සාකච්ජාවක් කැඳවා ඇති බව වාර්තා වෙයි.

කෙසේවෙතත් වර්ජනයේ නියුතු ලෝකෝමොටිව් ඔපරේටින්ග් ඉංජිනියර් සංගමයේ ප්‍රධාන ලේකම් එස්.ආර්.සී.එම්.සේනානායක මහතා සඳහන් කරන්නේ ඔවුන්ට එම සාකච්ජාවට ආරාධනයක් කර නොමැති බවයි.

අද දිනයේදී හෝ මෙම ගැටළුව විසඳෙනු ඇතැයි බලාපොරොත්තු වෙන අතර දුම්රිය අත්‍යවශ්‍ය සේවයක් බවට පත්කිරීම ගැන වෘත්තීය සමිති මට්ටමින් සාකච්ජා කරමින් පවතින බවද සේනානායක මහතා ප්‍රකාශ කරයි.

මේ වන විටත් දුම්රිය රියදුරු හිඟයක් පවතින බවත් මෙලෙස ඉදිරියට ක්‍රියාත්මක වුවහොත් කොහොමත් දුම්රිය වාර අවලංගු කිරීමට සිදුවන බව ද හෙතෙම කියාසිටියි.
ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වර්ධනයක් – අද (18) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (සැප්තැම්බර් 18) දිනයේදී බස්නාහිර, සබරගමුව,...

මේ අයිස් මත්ද්‍රව්‍ය සහ පාතාලය අවසන් කරන වැඩේ අපි කරනවා – මන්ත්‍රී මනුවර්ණ

සටහන - රුවන් නෙළුගොල්ල 2029 ජනාධිපති වීමට සිතාගෙන සිටින ඇතැම්...

වසන්ත සහෝදරයාට පරම්පරා කඩ තියෙනවා. ඒවායෙ වත්කම් මෙච්චරයි කීම වරදක් නෙවෙයිනෙ – ඇමති TB

සටහන - රුවන් නෙළුගොල්ල වෙළඳ, වාණිජ, සමූපකාර සංවර්ධන හා ආහාර...