වර්ජනය කරන දුම්රිය රියදුරන්ට ආරාධනාවක් නැහැ – අගමැති සාකච්ජා කරන්නේ කවුරු එක්කද?

කොළඹ LNW:ක්‍රියාත්මක දුම්රිය වැඩවර්ජනය සහ ඊට විසඳුම් ලබා දීම සඳහා අද (13) පස්වරුවේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධාත්වයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සාකච්ජාවක් කැඳවා ඇති බව වාර්තා වෙයි.

කෙසේවෙතත් වර්ජනයේ නියුතු ලෝකෝමොටිව් ඔපරේටින්ග් ඉංජිනියර් සංගමයේ ප්‍රධාන ලේකම් එස්.ආර්.සී.එම්.සේනානායක මහතා සඳහන් කරන්නේ ඔවුන්ට එම සාකච්ජාවට ආරාධනයක් කර නොමැති බවයි.

අද දිනයේදී හෝ මෙම ගැටළුව විසඳෙනු ඇතැයි බලාපොරොත්තු වෙන අතර දුම්රිය අත්‍යවශ්‍ය සේවයක් බවට පත්කිරීම ගැන වෘත්තීය සමිති මට්ටමින් සාකච්ජා කරමින් පවතින බවද සේනානායක මහතා ප්‍රකාශ කරයි.

මේ වන විටත් දුම්රිය රියදුරු හිඟයක් පවතින බවත් මෙලෙස ඉදිරියට ක්‍රියාත්මක වුවහොත් කොහොමත් දුම්රිය වාර අවලංගු කිරීමට සිදුවන බව ද හෙතෙම කියාසිටියි.
ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුහුරුපාය ඉදිරිපිට ඉදි කළ ඇවිදින මංතීරුව සහ විවේක ප්‍රදේශය අද සිට ජනතා අයිතියට!

කොළඹ LNW:සුහුරුපාය ඉදිරිපිට ඉදි කළ ඇවිදින මංතීරුව සහ විවේක...

ආණ්ඩුවේ හොරකම් වෙනවා ජනාධිපතිතුමා ඇස්වහගෙන -නාමල් රාජපක්ෂ

කොළඹ LNW:''ඩොලර් බිලියනයක් පන්නනවා, අනේ ජනාධිපතිතුමා ඇස් දෙක වහගෙන....

නාමල්ට අදත් ඇප නෑ..

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : පාර්ලිමේන්තු මන්ත්‍රී...

විපක්ෂ නායක සහ IMF නියෝජිත හමුවක්!

කොළඹ LNW:ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) දූත පිරිස සහ විපක්ෂ...