කොක්කුතොඩුවායි සමූහ මිනීවලෙන් දින හයට ඇටසැකිලි හයක්

Date:

මුලතිව් දිස්ත්‍රික්කයෙන් හමු වු ශ්‍රී ලංකාවේ අලුත්ම සමූහ මිනීවලේ කැනීම් කටයුතු යළි ආරම්භ කර දින හයක් නිමා වන විට පුද්ගලයන් හය දෙනකුගේ අස්ථි කොටස් ගොඩ ගෙන තිබේ.

සැප්තැම්බර් 12 වැනි දා කැනීම් කටයුතු නිමා විමෙන් පසුව, සිරුරු ගොඩගැනීම මෙහෙයවන මුලතිව් දිස්ත්‍රික් රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී කනගසභාපති වාසුදේව ප්‍රදේශයේ මාධ්‍යවේදීන් හා කියා සිටියේ අගහරුවාදා දිනයේද පුද්ගලයෙකුට අයත් අස්ථි ගොඩ ගත් බවයි.

“අද මිනිස් සිරුරක් සම්පූර්ණයෙන් ගොඩ ගත්තා. ඊයේ කැණීම් කටයුතු වල ඉතුරුවෙලා තිබුන කොටස් ටිකත් ගත්තා. අද කැණීමේදී අපජලය පිරිපහදු කරලා බොන රුසියාවේ නිශ්පාදනය කරපු උපකරණයක් සොයා ගෙන තියනවා.”

යුද්ධයෙන් වැඩිම හානියට පත් මුලතිව් දිස්ත්‍රික්කයේ කොක්කුතොඩුවායි හිදී මාස දෙකකට ඉහත මතුවූ සමූහ මිනීවලේ කැනීම් කටයුතු අධිකරණ නියෝග මත සැප්තැම්බර් 6 වැනිදා උදෑසන සිට යළි ආරම්භ කර තිබුනි.

කොක්කුතොඩුවායි මහාවිද්‍යාලයේ සිට කෝකිලායි දෙසට මීටර් 200ක් පමණ දුරකින් ජුනි 29 වැනි බ්‍රහස්පතින්දා හවස් යාමයේ මිනිස් සිරුරු කොටස් සහ ඇඳුම් කොටස් අහම්බයෙන් හමුවී තිබුනේ ජල සම්පාදන දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය ජලනල එළීමට පොළව හාරමින් සිටියදී ය.

theLeader

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රංශයේ පැරිස් නුවර ලූවර් කෞතුකාගාරයට ආරක්ෂිත කැමරා 100ක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 20, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගිය මාසයේ එම...

Operation Sindoor ගැන අයිශ්, අගමැති මෝදි ගෙන් ප්‍රශ්න කරයි!

සටහන – පුලී නොවැම්බර් 20, කොළඹ (LNW): බොලිවුඩයේ සුප්‍රසිද්ධ රංඟනවේදිනී අයිශ්වර්යා...

මත්ද්‍රව්‍යට එරෙහි අපේ මෙහෙයුම කඩාකප්පල් කරන්න උද්ඝෝෂණ, පෙළපාලි එනවා. අපි ඒවාත් පරාජය කරනවා – ජනපති

මත්ද්‍රව්‍ය ව්‍යසනයෙන් රට ගලවා ගැනීම සඳහා වත්මන් රජය ජාතික...