DRC කුමන්ත්‍රණයට සම්බන්ධ 37 දෙනෙකුට මරණ දඬුවම; තිදෙනෙක් ඇමරිකානුවන්

Date:

සටහන: සශිකලා මධුෂාණි
සැප්තැම්බර් 14; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : 2024 මැයි 19 වන දින, කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ (DRC) ජනාධිපතිවරයා Félix Tshisekedi සහ ඔහුගේ ආර්ථික ඇමති Vital Kamerhe ඉලක්ක කර ගනිමින් ඔවුන් බලයෙන් පහ කිරීමට කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් ඊයේ(14)දිනයේදී 37 දෙනෙකු වෙනුවෙන් එරට අධිකරණය මරණ දඬුවම නියම කර තිබේ.

මරණ දඬුවම නියම වුවන් අතරින් බ්‍රිතාන්‍ය ජාතිකයෙකු සහ ඇමරිකානුවන් තිදෙනෙකු ද වන බව වාර්තා වන අතර මෙම කුමන්ත්‍රණය විපක්ෂ නායක ක්‍රිස්ටියන් මලංගගේ මුලිකත්වයෙන් ක්‍රියාත්මක වූ අතර කුමන්ත්‍රණ උත්සාහයේදී පුද්ගලයින් 6 දෙනෙකු මිය යනු ලැබූ අතර සන්නද්ධ මිනිසුන් ප්‍රථමයෙන් පාර්ලිමේන්තු කථානායක Vital Kamerhe ගේ Kinshasa හි නිවසට ප්‍රහාරයක් එල්ල කළ අතර, පසුව කෙටි කලක් ජනාධිපති කාර්යාලයක් අල්ලා ගනු ලැබිය.

එම කුමන්ත්‍රණය ආරක්ෂක අංශ විසින් කඩිනමින් ව්‍යර්ථ කරන ලද අතර මේ සඳහා බෙල්ජියම් ජාතිකයෙකු, කැනේඩියානු ජාතිකයෙකු සහ කොංගෝ ජාතිකයන් කිහිප දෙනෙකු ද ඇතුළත් වන අතර විත්තිකරුවන්ට ත්‍රස්තවාදය, මිනීමැරුම් සහ අපරාධ සම්බන්ධකම් ඇතුළු චෝදනා එල්ල වේ. විත්තිකරුවන්ට තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කළ හැකි අතර පසුගිය ජූලි මාසයේ ආරම්භ වූ නඩු විභාගයේදී 14 දෙනෙකු නිදොස් කොට නිදහස් කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අදත් ඇප නෑ!

කොළඹ LNW: ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් අත්ඩංගුවට ගත්, පූජ්‍ය...

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු DIG තිලකරත්න අත්අඩංගුවට !

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරව හිටපු නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. තිලකරත්න...

ලිට්‍රෝ ගෑස් සමාගමෙන් නිවේදනයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ LNW : මෙම (පෙබරවාරි) මාසය...

තායිලන්ත මහ මැතිවරණයෙන් Bhumjaithai පක්ෂය අනපේක්ෂිත හා විශිෂ්ට ජයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පුවත මෙතනින් අසන්න... පුවත...