DRC කුමන්ත්‍රණයට සම්බන්ධ 37 දෙනෙකුට මරණ දඬුවම; තිදෙනෙක් ඇමරිකානුවන්

Date:

සටහන: සශිකලා මධුෂාණි
සැප්තැම්බර් 14; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : 2024 මැයි 19 වන දින, කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ (DRC) ජනාධිපතිවරයා Félix Tshisekedi සහ ඔහුගේ ආර්ථික ඇමති Vital Kamerhe ඉලක්ක කර ගනිමින් ඔවුන් බලයෙන් පහ කිරීමට කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් ඊයේ(14)දිනයේදී 37 දෙනෙකු වෙනුවෙන් එරට අධිකරණය මරණ දඬුවම නියම කර තිබේ.

මරණ දඬුවම නියම වුවන් අතරින් බ්‍රිතාන්‍ය ජාතිකයෙකු සහ ඇමරිකානුවන් තිදෙනෙකු ද වන බව වාර්තා වන අතර මෙම කුමන්ත්‍රණය විපක්ෂ නායක ක්‍රිස්ටියන් මලංගගේ මුලිකත්වයෙන් ක්‍රියාත්මක වූ අතර කුමන්ත්‍රණ උත්සාහයේදී පුද්ගලයින් 6 දෙනෙකු මිය යනු ලැබූ අතර සන්නද්ධ මිනිසුන් ප්‍රථමයෙන් පාර්ලිමේන්තු කථානායක Vital Kamerhe ගේ Kinshasa හි නිවසට ප්‍රහාරයක් එල්ල කළ අතර, පසුව කෙටි කලක් ජනාධිපති කාර්යාලයක් අල්ලා ගනු ලැබිය.

එම කුමන්ත්‍රණය ආරක්ෂක අංශ විසින් කඩිනමින් ව්‍යර්ථ කරන ලද අතර මේ සඳහා බෙල්ජියම් ජාතිකයෙකු, කැනේඩියානු ජාතිකයෙකු සහ කොංගෝ ජාතිකයන් කිහිප දෙනෙකු ද ඇතුළත් වන අතර විත්තිකරුවන්ට ත්‍රස්තවාදය, මිනීමැරුම් සහ අපරාධ සම්බන්ධකම් ඇතුළු චෝදනා එල්ල වේ. විත්තිකරුවන්ට තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කළ හැකි අතර පසුගිය ජූලි මාසයේ ආරම්භ වූ නඩු විභාගයේදී 14 දෙනෙකු නිදොස් කොට නිදහස් කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Rank Container Terminal (Pvt) Ltd සහ Senura Civil Engineering (Pvt) Ltd වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය මෙන්ම...

José Antonio චිලී ජනාධිපති ධුරයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): José Antonio...

ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි!

අද (15) පෙරවරුවේ ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික...

දේශීය අදායම් දෙපාර්තමේන්තුව ඉලක්කය අභිබවා බදු ආදායම් උපයයි!

ආශික බ්‍රාහ්මණ කොළඹ LNW:දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් ඉලක්ක ඉක්මවා...