යාල වනෝද්‍යානයේ සිදු වූ සමනළ සොරකමට රු. මි.60ක දඩයක්!

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 14, කොළඹ (LNW):

හොර රහසේ, යාල වනෝද්‍යානයේ සමනල විශේෂ ඇතුළු කෘමීන් රැගෙන යාමට උත්සාහ කළ ඉතාලි ජාතික පියෙකුට සහ ඔහුගේ පුතාට ශ්‍රී ලංකා රුපියල් මිලියන 60ක දඩයක් නියම කර ඇති බව වාර්තා වේ. එය ඩොලර් 200,000කට සමාන වන බව සඳහන් වේ.

පසුගිය මැයි මසදී, යාල ජාතික වනෝද්‍යානයේ ආරක්ෂකයින් විසින්, 68 හැවිරිදි ලුයිගි ෆෙරාරි සහ ඔහුගේ 28 හැවිරිදි පුත් මැටියා කෘමීන් අඩංගු භාජන සමඟ අත්අඩංගුවට ගෙන තිබුණි.

යාල වනෝද්‍යානයේ සමනල විශේෂ 92ක් ඇතුළුව ආවේණික කෘමීන් සිය ගණනක් අඩංගු භාජන රැසක් තිබී නිළධාරීන් භාරයට ගෙන තිබෙනවා.

නීතිවිරෝධී ලෙස කෘමීන් එකතු කිරීම, සන්තකයේ තබා ගැනීම සහ ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් ඔවුන් වරදකරුවන් වූ ඔවුන්ට, වනජීවී අපරාධයක් සඳහා ඉහළම දඩය මෙලෙස නියම කර ඇති බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද (29) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 29) දිනයේදී දිවයිනේ බොහෝ...

ගල් අඟුරු බාල වුණාට රටට පාඩුවක් නෑ – රජයේ ගල් අඟුරු සමාගමේ ප්‍රධානීන් කියයි

මෙවර ගල් අඟුරු ටෙන්ඩරය ලබාගත් සමාගම මෙරටට සැපයූ පළමු...

ජාතික කාන්තා කොමිසමේ පළමු සභාපතිනියත් ඉල්ලා අස්වෙයි !

ජාතික කාන්තා කොමිසමේ සභාපතිනිය වූ නීතීඥ රමණී ජයසුන්දර මහත්මිය...

කොළඹ නගර සභා වාහනවලින් ඉන්ධන ඇද විකුණූ සේවකයින් දෙකක් අත්අඩංගුවට… වැඩත් තහනම්.

කොළඹ නගර සභාවේ වාහනවලින් ඉන්ධන ඉවත් කර විකුණූ සේවකයින්...