තැබෑරුම් දෙයියෝ කතරගමටත් වඩිති !

Date:

කතරගම පූජා භූමිය ආසන්නයේම මත්පැන් අලෙවිසැලක් විවෘත කිරීම සම්බන්ධයෙන් දැඩි විරෝධයක් උද්ගතව තිබේ.

ප්‍රදේශවාසී භික්ෂූන් වහන්සේලා සහ බැතිමතුන් එම ස්ථානයට එක්ව අද (14) දිනයේ විරෝධතා පැවැත්වූ ආකාරය දක්නට ලැබිණි. ඓතිහාසික රුහුණු කතරම මහා දේවාලයෙහි බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර මහතා ද ඊට එක්ව සිටියේය.

කතරගම ගම් උදා හන්දියේ සිට මෙපිටට සම්පූර්ණ ප්‍රදේශයම හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ සමයේදී පූජා භූමියක් වශයෙන් ගැසට් කර ඇති අතර එම ප්‍රදේශයේ හෝටල් ඇතුළත මත්පැන් අලෙවිකිරීමේ ස්ථාන හැර මේ ආකාරයෙන් ප්‍රසිද්ධ තැබෑරුමක් මේ දක්වා කිසිම දිනෙක විවෘත නොකෙරුණු බවයි භික්ෂූන් වහන්සේලා සඳහන් කරන්නේ.

වැඩහිටිකන්ද පුදබිමට මීටර් 100ක දුරින් මේ ආකාරයෙන් තැබෑරුමක් විවෘත කිරීම යනු කතරගම දෙවියන්ට සහ පුදබිමට සිදු කළ දරුණු අපහාසයක් බවත් එම භික්ෂූන් වහන්සේලා ප්‍රකාශ කළහ.

“බාර් පර්මිට් එක කැන්සල් කරන්නෙ නෑ, ආපහු හිටපු තැනටම වරෙන් …. !” මැයෙන් දේශපාලන කටකතා පුවතක් අපි පසුගිය අගෝස්තු 19 වනදා පළ කළෙමු. අද මෙසේ විවෘත කර ඇත්තේ එකී දේශපාලනඥයාට ලැබුණු බලපත්‍රයට අදාළ මත්පැන් අලෙවිසැල බවත් ආරංචිමාර්ග සඳහන් කළේය.

සබැඳි පුවත් –

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...

දේශපාලනය පුස්තකාලයක් නම් ගාමිණී ලොකුගේ කාවෙකි !

කලකට පෙර මිය ගිය මිනිසෙකුගේ කායික මරණය ගැන පුවත...