*
Saturday, September 21, 2024
spot_img

Latest Posts

ජාජබ ඉදිරියෙන් සිටින්නේ ඇයි? ආත්මාර්ථකාමීත්වයෙන් පෙළෙන සජබ, එජාප!

කාර්යමණ්ඩල සංස්කාරකවරයකුගේ සටහනකි

සැප්තැම්බර් 14, කොළඹ (LNW): මෙවර ජනාධිපතිවරණයේ රනිල්, සජිත් එක්වූවහොත් 60% අභිබවා ඡන්ද ප්‍රතිශතයක් ලබාගත හැකි බව ඉතා පැහැදිලි ය. නමුත් ජනතා විමුක්ති පෙරමුණ දෙවන වටයෙන් ඉදිරියට පැමිණිය හැකි ය. අපට අවශ්‍යවන්නේ පරීක්ෂාවට බඳුන් නොකළ කොමියුනිස්ට්වාදී ජනාධිපතිවරයකු ද?

සජබ පාක්ෂිකයන්ට සිය දෙවන මනාපය රනිල් / අනුර කුමාරට දෙන මෙන්, හා රනිල් පාක්ෂිකයන්ට සිය මනාපයට සජිත් / අනුර කුමාර ට දෙන මෙන් කිසිවකුත් ඉල්ලා නොසිටින්නේ ඇයි? මීට හේතුව ඔවුන්ගේ ආත්මාර්ථකාමීත්වය ද? ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් අභිබවා ගිය පෞද්ගලික න්‍යායපත්‍රවලට තම ප්‍රමුඛතාවය ලබා දීම ද?

මීට හේතුව කුමක් වූව ද, ඡන්දදායකයන් වශයෙන් අවසානයේ බහුතරයකගේ ආශිර්වාදය හිමි ජනාධිපතිවරයකුට ඡන්දය පළකිරීම සඳහා අප සතු අයිතිය භාවිතා කිරීමට අප කටයුතුකළ යුතු ය.

තමා සිටින්නේ ඉදිරියෙන් බව කියමින් සජිත් හා රනිල් ගේ කඳවුරු දෙකම එකිනෙකා වෙත වාග් ප්‍රහාර එල්ලකර ගන්නා අයුරු දැකගත හැකි ය. එහෙත් මෙහි වාසිය හිමිවන්නේ කාට ද? අනුර කුමාර දිසානායකට ය!

මේ මොහොතේ සිදුවිය යුත්තේ, සජිත් පාක්ෂිකයන් – ඔවුන් අනුර කුමාර අභිබවා රනිල් වෙත කැමැත්තක් දක්වන්නේ නම් – තම දෙවන මනාපය රනිල්ට ලබා දෙන මෙන් රනිල්ගේ කඳවුර සජිත් පාක්ෂිකයන්ගෙන් ඉල්ලා සිටීම, සහ රනිල් පාක්ෂිකයන් ද එයම කරන මෙන් සජිත්ගේ කඳවුර රනිල් පාක්ෂිකයන්ගෙන් ඉල්ලා සිටීම ය. මෙය නාමල් සහ දිලිත් ගේ කඳවුරුවලට ද අදාළ ය.

කුමන හෝ හේතුවක් මත යම් ඡන්දදායකයකුට නිසි අපේක්ෂකයකු සඳහා කතිරය ගැසීමට අවශ්‍ය නම්, ඒ සඳහා ඔහු හෝ ඇය සතු අයිතියට අප ගරුකළ යුතු ය. එහෙත්, තම දෙවන මනාපය ද ප්‍රකාශ කරන මෙන් ඔවුන් දිරිගැන්වීමට අප කටයුතුකළ යුතු ය. මෙමඟින්, 35% ක පමණ ඡන්ද ප්‍රමාණයක් හිමි එහෙත් 65% කගේ ම අප්‍රසාදයට පත් පුද්ගලයකු මීළඟ ජනාධිපතිවරයා බවට පත්වනු වෙනුවට, රටේ බහුතර ජනතාවකගේ ආශිර්වාදය හිමි අපේක්ෂකයකු ජනාධිපතිවරයා බවට පත්වනු ඇත. මෙය ප්‍රජාතන්ත්‍රවාදය නොවේ ද? එසේ නොකළහොත් රටේ ඡන්දදායකයන් බහුතරයක් ඉච්ඡාභංගත්වයට පත්වනු ඇත.

මෙම මැතිවරණය සඳහා තරඟ වැදෙන ප්‍රධාන අපේක්ෂකයන් තිදෙනෙකි; අනුර කුමාර, රනිල් සහ සජිත්. ඔවුන්ගෙන් එක් අයකු ජනාධිපතිවරයා බවට පත්කර ගනිමු, එහෙත්, එය සිදුවිය යුත්තේ බහුතරයකගේ ආශිර්වාදය ද ඇතිව ය. සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය යනු එයයි!

ඔබ මීට එකඟ වන්නේ නම්, හා බහුතරයකගේ ආශිර්වාදය හිමි ජනාධිපතිවරයකු පත්කර ගැනීමට කැමති නම්, ඔබගේ පළමු මනාපය හිමි අපේක්ෂකයා ඉදිරියේ අංක 1 යොදා දෙවන මනාපය හිමි අපේක්ෂකයා ඉදිරියේ අංක 2 යොදන්න. මෙමඟින්, ඔබගේ ඡන්දය අපතේ නොයනු ඇති අතර, රටේ බහුතරයකගේ ම අප්‍රසාදය හිමි අපේක්ෂකයකු රටේ මීළඟ ජනාධිපතිවරයා බවට පත්වීම හමුවේ පසුතැවීමට සිදු නොවනු ඇත.  

ශ්‍රී ලාංකිකයනි, අවදි වන්න, ඔබට අවශ්‍ය ශ්‍රී ලංකාව මීළඟ බංග්ලාදේශය හෝ මියන්මාරය බවට පත්වනු දැකීම ද?

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan