නදීශා මූලික වටයෙන්ම ඉවතට

Date:

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 14, කොළඹ LNW:

ජපානයේ පැවත්වෙන ලෝක සූරතා මලල ක්‍රීඩා සුරතාවලයේ මීටර් 400 ඉසව්ව නියෝජනය කළ නදීශා රාමනායක,ඇය සහභාගි වූ පස්වන මූලික තරගයේදී ක්‍රීඩිකාවන් නව දෙනෙකු අතරින් 8 වැන්නිය ලෙස තරගය නිම කළාය.
තරගයේ මීටර් 300 ක් ගෙවෙන තෙක්ම ඇය නවවැන්නියව සිටි අතර අවසාන මීටර් 100 දී කොළොම්බියාවේ එවිලිස් ඇගුලර් අභිබවා යමින් අට වැන්නිය වූවාය.තත්පර 53.63 ක කාලයකින් තරගය නිමා කළ නදීශාගේ කාලය මීටර් 400 කාන්තා ඉසව්වේ මූලික තරග නියෝජනය කළ 51 දෙනෙකු අතරේ 48 වන තැන රැඳූණාය.


නදීශා මූලික තරග අතරින් වේගවත්ම මූලික තරගයට සහභාගි වූ අතර එය තත්පර 49.13 න් ජය ගත් සල්වා එයිඩ් නසීර් මූලික තරගවල හොදම කාලය වාර්තා කරමින් ඉදිරියෙන් සිටින්නීය.එම තරගයේ දෙවැනිනය ලෙස තරගය නිමා කරමින් තමන්ගේ හොඳම පෞද්ගලික දක්ෂතාවය පෙන්වන්නට සමත් වූ ස්ටේසී ඈන් විලියම්ස් වාර්තා කළ තත්පර 49.59 ක කාලය තිබෙන්නේ සියළු තරග අවසන හොඳම කාලයන් පෙළ ගැස්වීමේදී ‍තෙවන තැනය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එක්සත් ජනපදය පීඩනය මැද කියුබාව ආරක්ෂක තර්ජන චෝදනා ප්‍රතික්ෂේප කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු රජය විසින්...

ව්‍යාජ ලේඛණ සකස් කිරීමේ චෝදනාවට වරදකරු වූ නීතිඥවරයෙකුට ලබුණු නියෝගය!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, කොළඹ LNW : ව්‍යාජ ලේඛණ සකස්...

උද්ධමනය ගැන මේ කතාව අහල තිබුණද?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: උද්ධමනය කියන වචනය ඇහෙද්දීම සාමාන්‍ය ව්‍යවහාරය...

පාපන්දු පුහුණුකරු මාර්තුවේ නැවත ශ්‍රී ලංකාවට…?

නිශ්මං රණසිංහ පෙබරවාරි 02, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ජාතික පාපන්දු...