1990 වර්ශයේ මා අත්අඩංගුවට පත්ව අධිකරණයට හෝ කිසිදු තැනකට නොපෙන්වා වසර හතරකට අධික කාලයක් රැඳවුම් නියෝග මත රඳවා තැබින. සාක්ෂි සහිත චෝදනා රහිතව රඳවා තබාගැනීමට එරෙහිව අප විසින් උපරීමාධිකරණයට කරන ලද පැමිණිල්ලක් හේතුවෙන් එවකට පැවති රජයට මා මුදාහැරීමට සිදුවිය.
ඒ වකවානුව තුල මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ කන්ඩායමක් විසින් මානව හිමිකම් සම්බන්දව පැමිණිලි කිරීම සඳහා ජිනීවා වලට ගියේය. පසුව ජිනීවා ගොස් දකුණේ මානවහිමිකම් වෙනුවෙන් පෙනීසිටීම යන ජනප්‍රියවාදී ප්‍රචාරණය මහින්දගේ බලදේශපාලන මාවතට වාසි ගෙනදුන්නේය..
පසු කලෙක ඔහුගේ ඒ මාවත අවසන්වූයේ දකුණේ ජයඝෝසා මැද දකුණේ මෙන් සියගුනයක මානවහිමිකම් උල්ලංඝනය කිරීමක් උතුරේ සිදුකිරීමෙන් අනතුරුවය.
කැරැල්ල අවසන්වී ශාක්ෂි සහිත චෝදනා නැති දකුණේ කැරළිකරුවන්ට වසර හතරකින් පහකින් විවෘත ලෝකයට පැමිණිය හැකි උවද උතුරේ කැරළිකරුවන්ගේ තත්වය මීට වෙනස්විය. දකුණේ කැරළිකරුවන්ට ලැබුන යම් යම් සහන උතුරේ කැරළිකරුවන්ට ලැබුනේ නැත..ත්‍රස්ත පනත යටතේ අත් අඩංගුවට ගත් බොහෝ දමිළ රැඳවියන් දීර්ඝ කාලයක් සිරගෙයි ලැග වයෝවෘද්ධව සහ රෝගීව දඟගෙයි තුලම මියගියෝය..
මර්ධනය යන්න උතුරේ කැරළිකරුවන්ට සහ දකුණේ කැරළිකරුවන්ට බලපෑවේ අහසට පොලොව මෙන් විෂම ආකාරයකටය. උතුරේ මිනිසුන්න් වෙනුවෙන් සහ දමිළ සිරකරුවන් වෙනුවෙන් දකුණේ මානව හිතවාදීන් ජිනීවා ගියේද නැත..
දමිලයන් යනු සංඛ්‍යාත්මක බලයෙන්ද මතවාදී බලයෙන්ද සුළුතරයම වූ බැවින් ඔවුන්ට ඔවුන්ගේ මිනිසුන්ගේ වේදනාවන්ට සහනයක් ඉල්ලා දකුණේ ආන්ඩුවලට බලපෑම් කල හැකි පරිමාවක ඔවුන් සිටියේද නැත..
දකුණේ මහා සමාජයද උතුරේ ජනයාට එරෙහිව රාජ්‍ය භීෂනය මුදාහැරෙන විට සිදුවූ ජිනීවා මැදිහත්වීම් බටහිර බලල් අත් ලෙස අර්තකතනය කලෝය.
මානව හිමිකම් යනු උතුරේ උන්උන්ට අහිමි සහ දකුණේ උන්ට පමණක් හිමි වරප්‍රසාදයක් පමණක් බවට එදා පත්වී තිබින..
රාජ්‍ය හමුදාවන් දකුණේ මර්ධනය දියත් කරන විට හමුදා බටයන් යනු කුලී හේවායන් ලෙස අර්තකතනය කල උන් විසින්ම එකී හමුදාවම ඊට දස ගුණයක මර්ධනයක් උතුරේ මුදාහරින විට ඔවුන්ව රණවිරුවන් ලෙස බෞතිස්ම කලෝය..
මෙහිදී සිදුවූ අශෝබනම සිද්දිය නම් දකුණේ මර්ධණයේ ගොදුර බවට පත්වූ ජ.වි.ප.යම උතුරේ මර්ධනයේ ප්‍රචාරක පෙර ගමන්කරු වීමය…
මෙහිදී උතුරට මර්ධනය නීතික වන්නේත් දකුණට එය අනීතික වන්නේත් මාක්ස්ගේ කුමන තිසීසයකට අනුවද යන්න උභතෝකෝටිකයකි..
මේ මොහොතේ අරගල කරුවෙකු අත් අඩංගුවට ගෙන දින දෙකකින් ඇපමත නිදහස් කිරීම කෘර මර්ධනයක් ලෙස අර්තකතනය කලහැකි නම් එදා උතුරේ සිවිල් මිනිසුන්ගේ හිස් මතට මල්ටි බැරල් වැසි වස්සන විට එය හැඳින්වීමට බාවිතා කල හැකිව තිබූ වචනය කුමක්ද ?
එදා උතුරේ මිනී කඳු දැක සතුටුව කිරිබත් කෑ මිනිසුන් මිසක සහකම්පනයෙන් ඊට එරෙහිව අරගල කල මිනිසුන් මේ දූපතේ සිටියේද ?
සමාජයක සභ්‍යත්වය පරීක්ෂාකෙරෙන එක් සමීක්ෂණයක් නම් එකී සමාජයේ ගැහැණුන්ට හිමි තැන නිරීක්ෂණය කිරීමයි. අනෙක් පරීක්ෂණය නම් ඔවුන් කුඩා කුඩා සංකෘතීන්ට සලකන ආකාරය නිරීක්ෂණය කිරීමයි..
ඒ නිරීක්ෂණ තුල රටක් විදියට අප ස්තානගතවිය යුත්තේ ශිෂ්ඨත්වයේ කුමන ස්තානයකද …?
~ ප්‍රියශාන්ත රාජපක්ෂ
RN