චොකා මල්ලිට ඇමතිකම දෙද්දි රනිල්ට දොඩම්ගොඩ සහෝදරයගෙ මූණවත් මතක් උනේ නැද්ද ? – හිරුණිකා

2015 ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතුවල නිරතව සිටියදී රත්නපුර කහවත්ත ප්‍රදේශයේදී එජාප පාක්ෂිකයෙකු වෙඩිතබා ඝාතනය කළ අතර ඒ සම්බන්ධයෙන් චෝදනා එල්ල වූයේ අද රාජ්‍ය ඇමතිවරයෙකු ලෙස කටයුතු කරන චොකා මල්ලි නොහොත් ප්‍රේමලාල් ජයසේකර මහතාටයි.

අදාල චෝදනාව සම්බන්ධයෙන් වැරදිකරු වූ ජයසේකර මහතාට රත්නපුර මහාධිකරණය මගින් මරණ දඬුවම නියම කළ අතර කෙසේ නමුත් ශ්‍රේෂ්ඨාධිකරණය මගින් එකී තීන්දුව නිෂ්ප්‍රභ කෙරිණි.

ප්‍රේමලාල් ජයසේකර මහතාට රාජ්‍ය ඇමති ධුරයක් ලබාදීම සම්බන්ධයෙන් විප්කෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අදහස් පළ කළාය.

ප්‍රේමලාල් ජයසේකර මහතා වෙත රාජ්‍ය ඇමති ධුරය පිරිනමද්දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට 2015 දී ඝාතනය කළ දොඩම්ගොඩ මහතාගේ මුහුණ සිහිපත් නොවූයේදැයි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය විමසා සිටිනවා. අවම වශයෙන් ඔහුගේ බිරිඳගේ හෝ දරුවන්ගේ හෝ මුහුණ මතක් වූයේදැයි ඇය වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...

උතුරු කොරියාව, රුසියාව හා චීනය සම්බන්ධ කරන නව පාලමක් ගොඩ නගයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : රුසියාව...

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් වන ලකුණු – අද (24) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...