*
Tuesday, September 24, 2024
spot_img

Latest Posts

මහින්ද ඝාතන කුමන්ත්‍රණ නඩුවේ අධිචෝදනා බාරදෙයි – ඇප ඉල්ලීම ඔක්. 17 ට කල් යයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළේ යැයි චෝදනා කරමින් හිටපු පොලිස් අධිකාරී ලක්ෂ්මන් කුරේ මහතා ඇතුළු සැකකරුවන් 04 දෙනෙකුට එරෙහිව ගොනුකර ඇති නඩුව ඊයේ (13) කොළඹ මහාධිකරණය හමුවේ කැඳවා තිබිණි. ඒ, මහාධිකරණ විනිසුරු මහේන් වීරමන් මහතා හමුවේදීය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මෙම නඩුවේ චෝදනා ගොනුකර ඇති අතර සැකකරුවන් වෙත අධිචෝදනා පත්‍ර බාරදීම ඊයේ සිදු කෙරිණි.

2009 වසරේ පෙබරවාරි මස 01 – 14 දින අතරතුර කුරුණෑගලදී, එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගි වූ රැළියකට බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ජනාධිපතිවරයා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බවට චෝදනා එල්ල කරමින් නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර තිබේ.

හිටපු පොලිස් අධිකාරීවරයා ඇතුළු විත්තිකරුවන් වෙනුවෙන් මහාධිකරණය හමුවේ පෙනී සිටි නීතිඥයන් පෙන්වා දුන්නේ මෙම නඩුවේ විත්තිකරුවන් වසර 13 කට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින බවයි. එවැනි කාලයක් බන්ධනාගාර ගතව සිටීම සුවිශේෂී කරුණක් ලෙස සලකා ඔවුන්ට ඇප නියම කරන්නැයි නීතිඥයන් ඉල්ලා සිටියේය.

කෙ‌සේ නමුත් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා ඊට දැඩි විරෝධය පළ කළේය.

කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා, මෙම නඩුව ඔක්තෝබර් 17 වැනිදා දක්වා කල්තැබූ අතර ඇප ඉල්ලීම පිළිබඳව තීරණයද එදින දක්වා කල්තැබීය.

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan