*
Wednesday, May 14, 2025
spot_img

Latest Posts

අපට බලපෑම්  කරන්න එපා  -සමස්ත ලංකා නිදහස් ග්‍රාම සේවා නිලධාරී සංගමය

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): සමස්ත ලංකා නිදහස් ග්‍රාම සේවා නිලධාරී සංගමයේ  ප්‍රධාන ලේකම් ජගත් චන්ද්‍රලාල් මහතා පැවසුවේ අස්වැසුම සංවර්ධන වැඩසටහනට අයත් කාර්යයන්වලින් ඉවත් වී ඇති අවස්ථාවක එම කාර්යයන් බලහත්කාරයෙන් සිදුකරගැනීමට උත්සාහ කරන්නේ නම් වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹෙන බවයි .

ලේකම්වරයා පැවසූවේ වෙනත් නිලධාරින්ට පැවරී ඇති රාජකාරී සිදුකිරීමට තම සංගමයේ නිලධාරීන් බැඳී නොමැති බවත් , අස්වැසුම සංවර්ධන වැඩසටහනේ රාජකාරී කටයුතු සඳහා ග්‍රාම නිලධාරීවරුන්ට විවිධ බලපෑම් එල්ල වන බවයි.

ජගත් චන්ද්‍රලාල් මහතා තවදුරටත් පැවසූවේ,

“අස්වැසුම ක්‍රියාවලිය කියන්නේ, සමෘද්ධි වැඩසටහනම තමා. සමෘද්ධි වැඩසටහන කරන්න, සමෘද්ධි නිලධාරියෙක් 1994 ඉඳලා පත්වෙලා ඉන්නවා. එතකොට ඒ නිලධාරියාගේ කාර්ය තමා මේ ග්‍රාම නිලධාරීවරයාගේ ඇඟේ ගහන්න හදන්නේ. අපි කියන්නේ වෙනත් නිලධාරීන්ගේ රාජකාරි කරන්න අපි බැඳිලා නෑ. සමෘද්ධි නිලධාරියා වෘත්තීය ක්‍රියාමාර්ගයක් අරන් ඉවත්වෙලා ඉන්නකොට ඒගොල්ලන්ට කිසිම බලපෑමක් මේ වගේ කරන්නේ නෑ. ඒ සමෘද්ධි නිලධාරියාව ආරක්ෂා කරනවා. සමෘද්ධි නිලධාරී සංගමයේ සභාපතිවරයා, පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරයෙක් වශයෙන්. ග්‍රාම නිලධාරීවරුන් රකින්න අමාත්‍යාංශයේ ලේකම්වරයත් නෑ. ප්‍රාදේශීය ලේකම්වරයාත් නෑ. දිසාපතිලත් නෑ. ග්‍රාම නිලධාරීන්ට යාචකයෝ වගේ පවරන හැමරාජකාරියක්ම කරන්න වෙලා තියෙනවා. මේ ආකාරයට බලහත්කාරකම් කරලා, ඒ අස්වැසුම වැඩසටහන කරගෙන යන්න උත්සාහ කරනවා නම් ඉදිරියේ දී ග්‍රාම නිලධාරීන් කරන ව්‍යවස්ථාපිත හා සියලුම රාජකාරීවලින් ඉවත් වෙන්න වෙනවා.”

ලෙස කියා සිටියේය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan