දිවයින පුරා පරිසරය පිරිසිදු කිරීමේ වැඩසටහන් දහසක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

“සීරෝ ප්ලාස්ටික් ජාතික ක්‍රියාන්විතය” (Zero Plastic National Movement) විසින් මධ්‍යම පරිසර අධිකාරිය සහ රාජ්‍ය හා පෞද්ගලික ආයතන රැසක් සමග ඒකාබද්ධව , සැප්තැම්බර් මස 16 වන දිනට යෙදී ඇති “ලෝක පිරිසිදු කිරීමේ දිනය” නිමිති කර ගනිමින් පරිසරය පිරිසිදු කිරීමේ වැඩසටහන් දහසක් දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇති බව වාර්තා වේ.

2008 වර්ෂයේ දී එස්තෝනියාවේ ස්වෙච්ඡා සේවකයන් 50,000 ක් එක්ව ස්වකීය රට පැය පහක් වැනි කෙටි කාලයක් තුළ පවිත්‍ර කිරීම ආදර්ශයට ගනිමින් “ලෝක පිරිසිදු කිරීමේ දිනය” ආරම්භ විය.

“වෙරළ, ගංගා, වනාන්තර සහ වීථිවලින් අක්‍රමවත් ලෙස බැහැර කළ අපද්‍රව්‍ය පිරිසිදු කිරීම” යන්න මෙවර “ලෝක පිරිසිදු කිරීමේ දිනයේ” තේමාව වේ.

කසළ අවිධිමත්ව බැහැර කිරීම හේතුවෙන් මිනිසා, සතුන් ඇතුළු මුළු මහත් පරිසරයටම සෘණාත්මක බලපෑම් එල්ල වී ඇති අතර, මේ දිනවල බහුලව ශ්‍රී ලංකාවේ වාර්තා වන ඩෙංගු රෝගය ව්‍යාප්තවීමට ද කසළ ප්‍රධාන බලපෑමක් වී ඇත.

මධ්‍යම පරිසර අධිකාරිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, අනාගත පරපුරට සෞඛ්‍ය සම්පන්න හා ආරක්ෂිත පාරිසරික වටපිටාවක් උරුම කරදීම උදෙසා, “ලෝක පිරිසිදු කිරීමේ දිනය” යෙදෙන සැප්තැම්බර් මස 16 වැනිදා නිවස, කාර්යාලය හෝ ප්‍රදේශය පිරිසිදු කිරීමට තනි තනිව හෝ කණ්ඩායම් ලෙස එක්වෙමින් දායකත්වය ලබාදෙන ලෙසයි. අප ජීවත් වන පරිසරය රැකගැනීම සියලු ජනතාවගේ වගකීම වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...