මිලියනයක තැගි මල්ලක් සමඟ එන එස්එස්සී බැඩ්මින්ටන්

Date:

රුපියල් මිලියනයක තෑගි සහ මුදල් ත්‍යාග එකතුවක් සමඟ පවත්වන එස්එස්සී ක්‍රිඩා සමාජය සහ බස්නාහිර බැඩිම්න්ටන් සංගමය එක්ව සංවිධානය කරන සමස්ත ලංකා බැඩ්මින්ටන් තරගාවලිය ඔක්තෝම්බර් 7 වන දා සිට 15 වන දා දක්වා කොළඹ එස්එස්සි ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී සහ වෙළද සේවා සංගම් ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී පැවත්වීමට කටයුතු සංවිධානය කර ඇත.
පළමු කාණ්ඩයේ තරගාවලියක් ලෙස සංවිධානය වන මෙම තරගාවලියට කාන්තා,පිරිමි තරග මෙන්ම පිරිමි යුගල,කාන්තා යුගල සහ මිශ්‍ර යුගල තරග ද ඇතුළත්ය.ඊට අමතරව අවුරුදු 11 න් බ=පහළ සිට අවුරුදු 19 න් පහළ දක්වාම බාලක බාලිකා තරග කේවල සහ යුගල වශයෙන් මේ තරගාවලියට එකතු කර ඇත.විශේෂත්වය වන්නේ අවුරුදු 30 සිට 70 දක්වා නියෝජනය වන පරිදි වැඩිහිටි තරග කේවල,යුගල සහ මිශ්‍ර යුගල ලෙස එක් වී තිබිම සහ මව සහ පුතාත්,පියා සහ දුවත් යුගල කණ්ඩායමකට ඇතුළත වන පරිදි තරග අංශයක් මේ තරගාවලියට එකතු කර තිබීමය.

සටහන – නිෂ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

BLUE පෙරමුණට

නිශ්මං රණසිංහ ජනවාරි 09, කොළඹ LNW: ශ්‍රී ලංකා කාන්තා විස්සයි...

වත්මන් රජය පිළිබදව ජාත්‍යන්තරයෙන් දැඩි විශ්වාසයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 09, කොළඹ LNW : ජනතාව රජයට ගෙවන...

පිලිපීනයේ කුණු කන්දක් කඩා වැටීමෙන් එක් අයෙකු මියගොස් 38 දෙනකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 09: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පිලිපීනයේ සෙබු නගරයේ...

ආපදා කළමනාකරණ සැලසුමකට සජිත්ගෙන් නව යෝජනාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රැකියා විරහිත උපාධිධාරීන් ද උපයෝගි කර ගෙන...