පොලිටනල් සාර්ථක වගා ක්‍රමයක් – කෘෂිකර්ම අමාත්‍ය

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): පොලිටනල් තුළ වගා කිරීමේ ව්‍යාපෘතියට අදාළ නව කෘෂි තාක්ෂණය ගොවීන්ට හදුන්වා දීම තවත් එක් පියවරක් බවත්, එළවළු වගාවේදී වන වගා හානි අවම වීම, ප්‍රමිතියකින් යුත් එළවළු වෙළෙඳපොලට සැපයීම හා වසර කිහිපයක්ම පොලිටනල් යොදා ගැනීම කළ හැකි බැවින් ගොවීන්ට හොඳ ආදායමක් ලබා ගැනීමට ද හැකියාව ලැබෙන බව කෘෂිකර්ම අමාත්‍යවරයා පවසයි.

හානි අවම වගා ක්‍රමයක් වන හරිතාගාර ( Poly Tunnel Growing) වල එළවළු වගා කරන ගොවීන් සඳහා රජයෙන් ලක්ෂ පහක ආධාරයක් දෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. මෙහිදී එක් දිස්ත්‍රික්කයකින් ගොවීන් 30ක් ආවරණය වන පරිදි ගොවීන් තෝරාගැනෙනු ඇති අතර ,හරිතාගාර වගා ක්‍රමය ඇරඹීමට රුපියල් ලක්ෂ 10ක් වැය වන අතර ඉතිරි ලක්ෂ පහ ගොවියා විසින් දැරිය යුතු බව අමාත්‍යාංශය පවසයි.

අතරමැදියන් නොමැතිව අස්වැන්න වෙළෙඳපොලට ලබා දීම හා පාරිභෝගිකයාට සාධාරණ මුදලකට අලෙවි කිරීමටත් මෙමගින් අවස්ථාව සැලසෙන බව කෘෂිකර්ම අමාත්‍යවරයා කී අතර, හරිතාගාර වල එළවළු වගාව ප්‍රචලිත කිරීමට ගොවීන් උනන්දු කරවීම සදහා රජය රුපියල් මිලියන 500ක් මෙම වසර සඳහා ලබා දී ඇති බව සඳහන් වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුපියල් මිලියන 400 ක් වටිනා අධාර තොගයක් චීනයෙන්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 08, කොළඹ LNW : අද (08)...

වහාම පාර්ලිමේන්තුව කැඳවන්න – නාමල්ගෙන් ඉල්ලීමක්

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ආපදාවන්ට ලක් වූ ජනතාවට සහන සැලසීමේ...

දිට්වා සුළි කුණාටුව මැදත් සචාරකයින් ඇවිත්!

කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවේ බලපෑම මැදද විදෙස් සංචාරකයින් 25,000කට...