යුනයිටඩ් බේස්බෝල් අත ඉන්දියාව සහ පකිස්තානය පැත්තට හැරෙයි

Date:

වෘත්තීය වශයෙන් බේස්බෝල් ක්‍රීඩාවේ නව මානයන් සැකසීම කෙරෙහි අවධානය යොමු කර ඇති යුනයිටඩ් බේස්බෝල් මේ වන විට ඉන්දියාව සහ පකිස්තානයත්,මැද පෙරදිගත් කේන්ද්‍ර කරගෙන එය ක්‍රියාවට නැගීමේ සැළසුම් සකස් කර ඇත.
බේස්බෝල් යුනයිටඩ් මේ කාර්යයට අත් පොවන්නේ බේස්බෝල් ක්‍රීඩාව සදහා නව රසිකයන් බිලියනයක් ඇති කිරීමේ උත්සාහය පදනම් කර ගෙනය.එ් සඳහා සිය කීර්ති නාමය පදනම් කරගෙන යුනයිටඩ් බේස්බෝල් ධන කුවේරයන්ගේ කාසි මළු සොලවන්නට මේ වන විටත් ක්‍රියා කර ඇති අතර ඒ සියලු අනුග්‍රහයන් මත ඉදිරියේදී මෙම ව්‍යාපෘතිය යටතේ නොවැම්බර් 10 – 12 දක්වා ප්‍රදර්ශන තරගාවලියක් පැවත්වීමට ඩුබායි තෝරා ගනෙ ඇත.
මුමබායි කොබ්‍රාස්,කරච්චි මොනාරක්ස් මෙන්ම ඩුබායි හී ඇති වුල්විස් සහ ෆැල්කන්ස් යන බේස්බෝල් ක්‍රීඩා සමාජ ෆ්‍රැන්චයිස් හැඩයේ බේස්බෝල් ක්‍රීඩාව එම රටවල මුල්වරට ස්ථාපිත කිරීමේ ක්‍රීඩකයන් හඳුන්වා දීමේ ගෞරවයේ හිමිකරුවෝ වී ඇත.ඒ අනුව මේ ක්‍රීඩකයින් 16 දෙනෙක්,පළපුරුද් වෘත්තීය මට්ටමේ ක්‍රීඩකයින් 64 ක් නියෝජනය කරන කණ්ඩායම් 4 ක් සමඟින් ඩුබායි හී පැවත්වෙන ප්‍රදර්ශන තරගාවලිය නියෝජනය කරමින් මුල් වෘත්තීය මට්ටම සනාත කර ගන්නට සූදානමින් සිටින්නේය.
ඉන්දීය උප මහද්වීපයේ මෙවැනි අවස්ථාවක් පතිස්තානයට සහ ඉන්දියාවට පෙර බේස්බෝල් ක්‍රිඩාවේදී අත් කර ගන්නට ශ්‍රී ලංකාවට ඇති සුදුසුකම ද සුළු නැත.පකිස්තානය පරාජය කර ඇති සහ ඉන්දිය බේස්බෝල් ක්‍රීඩාවට වඩා යහපත් මට්ටම පසුවන ශ්‍රී ලංකාවේ බේස්බෝල් ක්‍රීඩාව බේස්බෝල් යුනයිටඩ් වෙතින් මේ සම්බන්ධයෙන් අදහස් විමසා ඇති බවක් හෝ පෙනෙන්නට නැත.අපි වෘත්තීය මට්ටමට ක්‍රිඩකයින් රැඟෙන යාම වෙනුවට යම් යම් ආකාරයකට බේස්බෝල් ක්‍රීඩාව සම්බන්ධ වෙනත් වෘත්තීන් වෙනුවෙන් ලෝකයේ අවධානයට ලක්වන්නට වගේම,යම් යම් වෘත්තීන් සඳහා රටින් බැහැරවීමටත් බේස්බෝල් උපකාර ලබාගන්නා පිරිසක් වී ඇති අතර ක්‍රීඩකයාට වෘත්තිමය භාවයක් ඇති වගකීම් සහගත තත්ත්වයක් නිර්මාණය කිරීම දවසින් දවස ඈත් වෙමින් ඇත.

සටහන – නිෂ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මේ ආණ්ඩුව ට්‍රිලියන 1.22ක් සල්ලි අච්චු ගහලා ට්‍රිලියනයක සංචිතයක් ගැන කියනවා – රංජිත්

වත්මන් ආණ්ඩුව යටතේ රුපියල් ට්‍රිලියන 1.22ක් මුදල් අච්චු ගසා...

ලොහාන් විතරමද නරුම, ජනතාව නරුම නැද්ද ?

රාජපක්ෂ යුගයේ පැවති මැතිවරණවලින් ඉහලින්ම ලකුණු ගත්තෙ ලොහාන්ලා. ඒකට හේතුව...

තේරුම් කමිටුව නිර්භිත විය යුතු සහ හෘද සාක්ෂියට අවංක විය යුතු මොහොතක්

නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: සිම්බාබ්වේ යන්නෙ බංගලින්ගෙන් කාලාශ්‍රී ලංකාව...

කුමාර ජයකොඩි ඇමතිවරයා සම්බන්ධයෙන් ආණ්ඩුව ගන්න ක්‍රියාමාර්ගය මොකක් ද? – පුබුදු ජයගොඩ

රටේ වත්මන් දේශපානලන තත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා පෙරටුගාමී...