ජනාධිපතිවරණයේ නිහඬ කාලසීමාවේදී කිසිදු ප්‍රචාරණයක් සිදුකිරීමට නීතියෙන් තහනම් – මැ.කෝ.

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ (LNW):

2024 ජනාධිපතිවරණයේ ප්‍රචාරණ කටයුතු අවසන් වූ පසු සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකරනු ලබන ප්‍රචාරයන් වැළැක්වීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් සකස් කර ඇති බව, මැතිවරණ කොමිසම කියා සිටී.

එහි සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා සඳහන් කළේ ,නිහඬ කාලසීමාවේ කිසිදු ප්‍රචාරණයක් සිදුකිරීමට නීතියෙන් තහනම් බවයි.

එහෙත් ඇතැම් පිරිස් සමාජ මාධ්‍ය යොදා ගනිමින් නීතිවිරෝධීව ජනාධිපතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට කටයුතු කරන බවට තොරතුරු ලැබී ඇතැයි ඔහු පවසයි.

නිහඬ කාලසීමාවේ සමාජ මාධ්‍ය ප්‍රචාරණය සම්බන්ධයෙන් ක්‍රියාකළ යුතු ආකාරය ගැන අදාළ ජාත්‍යන්තර සමාගම් සමග සාකච්ඡා කර ඇති බව සභාපතිවරයා සඳහන් කළ අතර , ජනාධිපතිවරණයේ ප්‍රචාරණ කටයුතු ලබන 18 වැනිදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන බව දන්වා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අනුන් අනපු කූට්ටමම බෙදන්න එපා

නිශ්මං රණසිංහ දෙසැම්බර් 21, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම...

ජොහැන්නස්බර්ග් නගරය ආසන්නයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 09දෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අද (21) අළුයම...

පොලිස් රාජකාරියට බාධා කළ පුද්ගලයින් පස් දෙනෙකු යාපනයේදී අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, කොළඹ LNW : යාපනය,කන්කසන්තුරය,තිස්ස විහාරය ඉදිරි...