මත විමසා ජනතාවගේ පෞද්ගලිකත්වයට හෝ ආනන්‍යතාවයට හානි කළොත් දැඩි නීති!

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ (LNW):

පැවැත්වීමට නියමිත 2024 ජනපතිවරණයේදී ඡන්දය භාවිත කරන අපේක්ෂකයන් පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියේ මත විමසන පුද්ගලයන් සහ ඒවාට මත ප්‍රකාශ කරන පුද්ගලයන් සම්බන්ධයෙන්ද නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක පැවසීය.

තමන්ගේ මතය අනෙක් අය දැන ගැනීමට අවශ්‍යතාවක් නැති බවත් එය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ යුතු දෙයක් නොවන බවත් රත්නායක පවසයි . මෙවැනි කටයුතු වලින් කරන්නේ ජනතාවගේ පෞද්ගලිකත්වයට හෝ ආනන්‍යතාවයට යම් බලපෑමක් සහ හානියක් බවද  ඔහු කීවේය.

තවද මෙවැනි කටයුතුවලින් රහස් ඡන්දයේ ගුණාත්මකභාවයටද හානියක් සිදුවන බව පැවසූ රත්නායක මෙය එක්තරා ආකාරයකට අයුතු බලපෑමක් බවද ප්‍රකාශ කළේය. මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා සදහන් කළේ, මේ සම්බන්ධයෙන් කිසිවකු හෝ පැමිණිලි කළහොත් අවශ්‍ය ක්‍රියාමාර්ග ගත හැකි බවත් දැනටමත් එවැනි දේ කළ කිහිප දෙනෙකුට අවවාද කර ඇති බවත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Rank Container Terminal (Pvt) Ltd සහ Senura Civil Engineering (Pvt) Ltd වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය මෙන්ම...

José Antonio චිලී ජනාධිපති ධුරයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): José Antonio...

ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි!

අද (15) පෙරවරුවේ ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික...

දේශීය අදායම් දෙපාර්තමේන්තුව ඉලක්කය අභිබවා බදු ආදායම් උපයයි!

ආශික බ්‍රාහ්මණ කොළඹ LNW:දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් ඉලක්ක ඉක්මවා...