රට නැවත ගොඩ නැගීම සඳහා සන්සුන්ව එක්වන ලෙස නේපාලයේ නව අගමැතිනිය ඉල්ලයි

Date:

සටහන: සශිකලා මධුෂාණි

සැප්තැම්බර් මස 15: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): නේපාලයේ නව අන්තර්කාලින අගමැතිනිය වන සුෂිලා කාර්කි සිය පළමු ප්‍රසිද්ධ දේශනයේදී සඳහන් කර තිබුණේ, රට තරුණ පුරවැසියන්ට සවන්දිය යුතු බවත්, රට නැවත ගොඩනැගීම සඳහා සන්සුන්ව එක්වන ලෙසත්ය.

73 හැවිරිදි හිටපු අගවිනිසුරුවරියක වන සුෂිලා කාර්කි පසුගිය සිකුරාදා(12)දින දූෂණ විරෝධී විරෝධතාවලට නායකත්වය දෙන ලද නායකයින්, ජනාධිපති රාම්චන්ද්‍ර පෝඩෙල් සහ හමුදා ප්‍රධානී අශෝක් රාජ් සිග්ඩෙල්යන අය අතර දින කිහිපයක සාකච්ඡාවලින් අනතුරුව අග්‍රාමාත්‍ය ධුරයට පත් කරනු ලැබිය.

මේ වන විට නේපාල පාර්ලිමේන්තුව විසුරවා හැර ඇති අතර එළඹෙන මාර්තුමස 5 වන දින නව මැතිවරණය පැවැත්වීමට නියමිත වන අතර මේ සමබන්ධයෙන් සඳහන් කරමින් නව අගමැතිනිය සඳහන් කර තිබුණේ, කිසිදු තත්වයක් යටතේ මාස හයකට වඩා මෙහි රැඳී නොසිටන බවත්, සිය වගකීම් සම්පූර්ණ කර ඊළඟ පාර්ලිමේන්තුවට සහ අමාත්‍යවරුන්ට භාර දීමට තමා සුදානම් වන බවත්ය.

පසුගිය සතියේ නේපාලයේ කෙටි කාලීන සමාජ මාධ්‍ය තහනමක් මගින් පැනනැගී තරුණ විරෝධය දශක ගණනාවක් තිස්සේ නේපාලයේ ඇති වූ දරුණුතම නොසන්සුන්තාවය වූ අතර පුළුල් ලෙස පැතිරුණු දූෂණය සහ දරිද්‍රතාවයට එරෙහිව තම කෝපය පෙන්වීමට දස දහස් ගණනක් ජනතාව වීදි බැස පැවති ආණ්ඩුව පෙරලා දමන ලදී.

විරෝධතාකරුවන් ජනාධිපති කාර්යාලය, අමාත්‍යාංශ ගොඩනැගිලි සහ ඉහළ පෙළේ දේශපාලනඥයන්ගේ නිවාස ගිනි තබන ලද අතර අවම වශයෙන් පුද්ගලයින් 72 දෙනෙකු මිය ගොස් තවත් සිය ගණනක් තුවාල ලබන ලදී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හේලීස් අනුබද්ධ ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් වෙතින් ගංවතුර සහන සඳහා ආරක්ෂක අමාත්‍යාංශයට අත්වැසුම් 50,000ක පරිත්‍යාගයක් !

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අත් ආරක්ෂණ විසඳුම් නිෂ්පාදකයෙකු වන ඩිප්ඩ්...

සැලකිලිමත් වන්න – තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් !

සටහන - රුවන් නෙළුගොල්ල නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයේ බලපෑම හේතුවෙන්...

ආපදා වන්දි ලබා දීමේ ප්‍රගතිය මෙන්න. දිස්ත්‍රික් ලේකම්වරු සහ ජනාධිපති අතර විශේෂ සාකච්ජාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණ තත්ත්වය මත ඇතිවූ ආපදා තත්ත්වයෙන්...

දකුණු බ්‍රසීලයේ ගුවයිබා නගරයේ දැඩි සුළං හේතුවෙන් Liberty replica ප්‍රතිමාවේ අනුරුවක් කඩා වැටේ!

සටහන – පුලී දෙසැම්බර් 16, කොළඹ (LNW):   දකුණු බ්‍රසීලයේ ගුවයිබා...