රට නැවත ගොඩ නැගීම සඳහා සන්සුන්ව එක්වන ලෙස නේපාලයේ නව අගමැතිනිය ඉල්ලයි

Date:

සටහන: සශිකලා මධුෂාණි

සැප්තැම්බර් මස 15: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): නේපාලයේ නව අන්තර්කාලින අගමැතිනිය වන සුෂිලා කාර්කි සිය පළමු ප්‍රසිද්ධ දේශනයේදී සඳහන් කර තිබුණේ, රට තරුණ පුරවැසියන්ට සවන්දිය යුතු බවත්, රට නැවත ගොඩනැගීම සඳහා සන්සුන්ව එක්වන ලෙසත්ය.

73 හැවිරිදි හිටපු අගවිනිසුරුවරියක වන සුෂිලා කාර්කි පසුගිය සිකුරාදා(12)දින දූෂණ විරෝධී විරෝධතාවලට නායකත්වය දෙන ලද නායකයින්, ජනාධිපති රාම්චන්ද්‍ර පෝඩෙල් සහ හමුදා ප්‍රධානී අශෝක් රාජ් සිග්ඩෙල්යන අය අතර දින කිහිපයක සාකච්ඡාවලින් අනතුරුව අග්‍රාමාත්‍ය ධුරයට පත් කරනු ලැබිය.

මේ වන විට නේපාල පාර්ලිමේන්තුව විසුරවා හැර ඇති අතර එළඹෙන මාර්තුමස 5 වන දින නව මැතිවරණය පැවැත්වීමට නියමිත වන අතර මේ සමබන්ධයෙන් සඳහන් කරමින් නව අගමැතිනිය සඳහන් කර තිබුණේ, කිසිදු තත්වයක් යටතේ මාස හයකට වඩා මෙහි රැඳී නොසිටන බවත්, සිය වගකීම් සම්පූර්ණ කර ඊළඟ පාර්ලිමේන්තුවට සහ අමාත්‍යවරුන්ට භාර දීමට තමා සුදානම් වන බවත්ය.

පසුගිය සතියේ නේපාලයේ කෙටි කාලීන සමාජ මාධ්‍ය තහනමක් මගින් පැනනැගී තරුණ විරෝධය දශක ගණනාවක් තිස්සේ නේපාලයේ ඇති වූ දරුණුතම නොසන්සුන්තාවය වූ අතර පුළුල් ලෙස පැතිරුණු දූෂණය සහ දරිද්‍රතාවයට එරෙහිව තම කෝපය පෙන්වීමට දස දහස් ගණනක් ජනතාව වීදි බැස පැවති ආණ්ඩුව පෙරලා දමන ලදී.

විරෝධතාකරුවන් ජනාධිපති කාර්යාලය, අමාත්‍යාංශ ගොඩනැගිලි සහ ඉහළ පෙළේ දේශපාලනඥයන්ගේ නිවාස ගිනි තබන ලද අතර අවම වශයෙන් පුද්ගලයින් 72 දෙනෙකු මිය ගොස් තවත් සිය ගණනක් තුවාල ලබන ලදී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කථානායකට එරෙහිව අල්ලස් කොමිසමට ඉදිරිපත් වුණු පැමිණිල්ලේ දූෂණ චෝදනා 8ක් !

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා විසින්...

කැලිෆෝර්නියා ප්‍රාන්තය WHOහි සාමාජිකත්වය ලබාගනියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 78 වසරක් පුරා...

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...